IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


යූනියන් ඇෂුවරන්ස් ගෝලීය සම්මාන රැසකින් පිදුම් ලබයි


යූනියන් ඇෂුවරන්ස්, සම්භාවනීය ගෝලීය ඇගයුම් රැසක් හිමිකර ගනිමින් ක්ෂේත්‍රෙය් සිය නායකත්ව ස්ථාවරය යළිත් වරක් තහවුරු කර ඇත. Gazet International  වාර්ෂික සම්මාන උළෙලේදී ‘Most Innovative Life Insurance Service Provider Sri Lanka–2024’  ලෙස මෙන්ම, Global Brands Magazine සම්මාන උළෙලේදී ‘Most Digitally Forward Life Insurer 2024’  ලෙස සහ World Economic Magazine Awards  සම්මාන උළෙලේදී ‘Most Loved Insurer Brand Sri Lanka–2024’  ලෙසද මෙම සමාගම ගෞරව ප්‍රණාමයට පාත්‍ර විය. 

මේ පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “යූනියන් ඇෂුවරන්ස් හි අප, සෑම අයෙකුටම සුවිශේෂ වන ගමන් මාර්ගවලට සහාය සැපයීමට කැප වන්නේ ප්‍රගතිය ලැබීම සඳහා අවශ්‍ය ශක්තිමත්භාවයෙන් සහ විශ්වාසයෙන් ඔවුන් සවිබල ගන්වමින්. අපේ පාරිභෝගිකයන්ගේ පිරිපුන් සුවසෙත සමස්ත වශයෙන් ඉහළ නංවන විසඳුම් සැලසුම් කිරීමට සහ පිරිනැමීමට මේ කැපවීම මඟින් අප යොමු කරනවා. මේ සම්මාන අපේ සේවාවේ සෑම පැතිකඩක්ම අඛණ්ඩව නව්‍යකරණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට අප දරන දැඩි පරිශ්‍රමයේ සහ කැපවීමේ පිළිබිඹුවක්. අපේ විශිෂ්ටත්වය උදෙසා ඇගයීමට පාත්‍ර වන්නට ලැබීම සැබැවින්ම අපට ගෞරවයක් වන අතරම, මේ සම්මාන ප්‍රණාම මඟින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ සීමා මායිම් පුළුල් කරමින්, අපේ රක්ෂණ ඔප්පුහිමියන්ට මෙන්ම සමස්ත වශයෙන් සමාජයටත් වඩාත් වැඩි වටිනාකමක් පිරිනැමීමට කැපවීම සඳහා අපව දිරිමත් කරනවා”. 

යූනියන් ඇෂුවරන්ස් දිගු කලක් පුරා ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් දක්වන සිය දූරදර්ශී චින්තන ප්‍රවේශය සම්බන්ධයෙන් පිළිගැනීමට ලක්ව ඇත්තේ, ක්ෂේත්‍රය තුළ නිරන්තරව නව හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිපූර්ණ ජීවිත රක්ෂණ යෙදවුම වන ක්ලික්ලයිෆ් ඇප් උපාංගය, යූනියන් ඇෂුවරන්ස් හි නව්‍යකරණයෙන් යුතු චින්තනයේ කැපීපෙනෙන අග්‍රඵලයකි. ලොව නවතම තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම උපාංගය මඟින්, රක්ෂණ ඔප්පුහිමියන්ට සිය ජීවිත රක්ෂණ සැලසුම් සුහුරු උපාංග ඔස්සේ අවහිරතාවකින් තොරව පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ හැකියාව සලසමින්, එය භාවිත කරන්නාට විප්ලවීය අත්දැකීමක් ලබා දී ඇත.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශ 7ක පවතින සමාගම් 80කට අධික සංඛ්‍යාවක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. 



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් ගෝලීය සම්මාන රැසකින් පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site