ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් Brand Finance විසින් ප්‍රකාශයට පත්කරනු ලබන 2025 වසරේ වඩාත්ම වටිනා සන්නාම 100 ශ්‍රේණිගතකරණය තුළ සම්භාවනීය ස්ථානගතකරණයක් යළිත් වරක් හිමිකරගෙන ඇත.
වඩාත්ම වටිනා සුවිශේෂ සන්නාම 50 ඇතුළත සිය ස්ථානගතකරණය සාඩම්බරයෙන් යුතුව රඳවා ගැනීමට සමාගම සමත්ව ඇති අතර, එය සතුව ඇති ප්‍රබල සන්නාම බලපෑම, සවිමත්භාවය සහ පූර්ව ප්‍රකාශිත සන්නාම වටිනාකම් නිර්මාණය එමගින් පිළිබිඹු වෙයි. ක්‍රියාශීලී ව්‍යාපාර වටපිටාවක් තුළ අදාළත්වය සහ ස්ථාවරභාවය පවත්වා ගනිමින් යූනියන් ඇෂුවරන්ස් නිරතුරුව දක්වන කාර්යසාධනය මෙම අගැයීම මගින් යළි තහවුරු වෙයි.
සියලු දෙනා වෙනුවෙන් ප්‍රගතිය සවිබල ගැන්වීම සඳහා වූ සන්නාම දැක්මක් පෙරදැරිව ඉදිරියට ගමන් කරන යූනියන් ඇෂුවරන්ස්, සිය පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස් වෙමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා සුවිශේෂ ලෙස සකසන ලද අංගසම්පූර්ණ රැකවරණ විසඳුම් රැසක් පිරිනමයි. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අත්දැකීමට නව අරුතක් එක්කර ඇති, ක්ෂේත්‍රයට ප්‍රථම වරට පිරිනමන ලද විවිධ නවෝත්පාදන ගණනාවක් හඳුන්වාදෙමින්, ඩිජිටල් පෙරළිය සඳහා වූ ගමන්මගෙහි පෙරමුණ ගැනීමට සමාගම අඛණ්ඩව කටයුතු කරයි. එයට අමතරව, යූනියන් ඇෂුවරන්ස් විසින් ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිත හා සමීපව බැඳී ඇති සර්ව ව්‍යාප්ත අංශ පුරා සිය ව්‍යාප්තිය පුළුල් කිරීමෙන් ජීවිත රක්ෂණය සරල කිරීම සහ පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඉදිරිගාමී ආයෝජන සිදුකරනු ලැබ ඇත.
සමාගම විසින් සිය සන්නාම දැක්මට අනුකූල වන පරිදි, ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින දියවැඩියා තත්වය ප්‍රමාණය පහළ දැමීම සඳහා කැප වූ සුවමග නමැති සිය ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන ද දියත් කර ඇත. දැනුවත්භාවය ඉහළ නැංවීම, නිරෝගී ජීවන රටා ප්‍රවර්ධනය කිරීම, කල්තියා හඳුනා ගැනීම හා අවදනාම් කළමනාකරණය සඳහා සහාය වීම, සහ ප්‍රජා සහභාගිත්වය වැඩිදියුණු කිරීම යන උපායමාර්ගික බලකණු හතරක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් දිවයින පුරා දියවැඩියාව වැළැක්වීම සහ පාලනය සඳහා වූ සමස්ත ප්‍රවේශයක් පිරිනැමෙයි. ආරම්භ කරන ලද අවස්ථාවේ සිටම සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ඔස්සේ 2024 සැප්තැම්බර් සහ 2025 අගෝස්තු අතර කාලය තුළ ශ්‍රී ලංකාව පුරා 22,000කට අධික පිරිසකට යහපත් ඵලදායී ප්‍රතිඵල ලබාදී ඇත්තේ දිවයිනේ සිව්කොණ පුරාම මහජනතාවට කිසිදු ගාස්තුවකින් තොරව නොමිලේ පරීක්ෂණ සේවාවන් සපයමිනි.
අදාළ ශ්‍රේණිගතකරණය පිළිබඳව අදහස් දක්වමින්, ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “මෙම ශ්‍රේණිගතකරණය ගැන අප නිහතමානීව ආඩම්බර වෙනවා. අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශවකරුවන් යූනියන් ඇෂුවරන්ස් කෙරෙහි තබන නොසැලෙන විශ්වාසය සහ හිතෛෂිභාවය මෙම ඇගයීම මගින් විදහා දැක්වෙනවා. අප නිරන්තරයෙන්ම අපේක්ෂා ඉහළින්ම සපුරමින් ක්ෂේත්‍රයේ හොඳම වටිනාකම පිරිනමන බව සහතික කරන්නට අපගේ සමස්ත කණ්ඩායම විසින් දරනු ලබන දැඩි පරිශ්‍රමය සහ කැපවීම විදහා පාන්නක් ලෙසද එය සැලකිය හැකියි.”
2025 දෙසැම්බර් මස 04
583
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
501
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
424
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව ලංකාවේ ඉහළම වටිනාකම සහිත සන්නාම 50 අතර