භානුක අමරසිංහ
යුනිට් ට්‍රස්ට් හෙවත් ඒකක භාර සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය (UTASL) මගින් සංවිධානය කරන වැඩසටහනක් අද (27) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව එම සංගමය පවසයි.
ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් යුනිට් ට්‍රස්ට් හරහා සිය වත්කම් වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අරමුණ වී තිබේ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමයේ සාමාජික ආයතන 16ක නියෝජිතයන් සම්බන්ධ වන බවත්, ඔවුන් මෙහිදී යුනිට් ට්‍රස්ට්හි ආයෝජනය සම්බන්ධයෙන් ජනතාවට දැනුම ලබා දෙනු ඇති බවත් පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd