IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


යටිතල පහසුකම්වල ආයෝජනට ආයෝජකයන්ගේ වැඩි උනන්දුවක්

මෙම වසරේ පළමු කාර්තුවේදී එම ප්‍රතිශතය සියයට 55 ක්
චීන සමාගම් ඔස්සේ මෙරටට පැමිණි ආයෝජන ප්‍රමාණය ඩො. බි. 3.5 ක්
එම ආයෝජන ශ්‍රී ලාංකිකයන් 5000 කට පමණ රැකියා අවස්ථා නිර්මාණය කරලා
අපනයන ආදායමට ඩො.මි. 50 කට වැඩි දායකත්වයක්
ආයෝජන මණ්ඩලය යටතේ විදේශීය සමාගම් 1200 කට පමණ ශ්‍රී ලංකාව නිවහන වෙලා
ආයෝජකයන්ට අපනයන සේවා සඳහා සමාගම් ආදායම් බද්ද සියයට 15 ක අඩු කිරීමක්
 ඩො. මි. 50 ට වැඩි ආයෝජන සඳහා සෙස් සහ වරාය හා ගුවන් තොටුපොළ බද්දෙන් නිදහස් කිරීම්


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්


 

ආයෝජන ප්‍රවර්ධනය කිරීමේත්, ආයෝජන මෙරටට ඇද ගැනීමේත් වගකීම තිබෙන රාජ්‍ය සංවිධානය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බවත් දශක 4 ක පමණ කාලයක සිට ආයෝජන මණ්ඩලය සාර්ථවක ආයෝජකයන්ට පහසුකම් සලසන බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් .වීරකෝන් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
මෙරට ආයෝජන කිරීමට මග පෙන්වීම ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලයට පැවැරෙන රාජකාරියක් බවත් චීන සමාගම් 70 ක් පමණ ආයෝජන කිරීමට මේ වනවිට ආයෝජන මණ්ඩලය සමග එකතු වී සිටින බවත් ඇය පැවැසුවාය. එම චීන සමාගම් ඔස්සේ මෙරටට පැමිණි ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වන බවත් එම ආයෝජන ශ්‍රී ලාංකිකයන් 5000 කට පමණ රැකියා අවස්ථා නිර්මාණය කර තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
එම සමාගම් මෙරට ආර්ථිකයට සැලකිය යුතු මට්ටමකින් දායකත්වයක් ලබාදී තිබෙන බවත් එම සමාගම් මෙරට අපනයන ආදායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට වැඩි දායකත්ව ලබාදී තිබෙන බවත් වීරකෝන් මහත්මිය පැවැසුවාය.
ආයෝජන මණ්ඩලය යටතේ විදේශීය සමාගම් 1200 කට පමණ ශ්‍රී ලංකාව නිවහන වී ඇති බවත් එම සමාගම් නිෂ්පාදන, සංචාරක, ඇඟලු‍ම් සහ ආහාර සැකසුම් වැනි විවිධ අංශ නියෝජනය කරන බවත් වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය. මෙම වසරේ පළමු කාර්තුවේදී ආයෝජකයන් වැඩිම උනන්දුවක් දක්වා ඇත්තේ යටිතල පහසුකම්වල ආයෝජන කිරීමට බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ක් බවත් ඇය ප්‍රකාශ කළාය. චීන ආයෝජන යටතේ යටිතල පහසුකම් ව්‍යාපෘති කීපයක් මෙරට ක්‍රියාත්මක වන බවත් ඇය පැවැසුවාය.
දකුණු ආසියාවේ සාක්ෂරතාව ඉහළම රට ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකාවේ සාක්ෂරතා අනුපාතය සියයට 90 කට වඩා වැඩි බවත් ඇය පැවැසුවාය. සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබෙන විට ශ්‍රමිකයන් පුහුණුකර බඳවා ගැනීම ඉතාමත් පහසු බව ඇය ප්‍රකාශ කළාය. ආයෝජනය කරනන් මෙරට තෝරා ගැනීමට  එක් ප්‍රධාන හේතුවක් ලෙස සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයන් සතු කුසලතා බවද ඇය පැවැසුවාය.
බ්‍රිතාන්‍යයෙන් පසුව කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ සුදුසුකම් ලැබූ වැඩිම පිරිසක් සිටින්නේද ශ්‍රී ලංකාවේ බවද ඇය ප්‍රකාශ කළාය. 
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නන් විශාල වෙළෙඳපොළ ප්‍රවේශය හිමිවන බවත් ප්‍රධාන වශයෙන් මෙරටට පැමිණෙන සමාගමකට යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශය හිමිවන බවත් වීරකෝන් මහත්මිය පැවැසුවාය. යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනය හිමිව තිබෙන ලෝකයේ රටවල් 8 ට ශ්‍රී ලංකාවද අයත් වන බවත් මෙරටට පැමිණෙන සමාගම්වලට යුරෝපා සංගමයේ රටවල් 27 ක් සඳහා ප්‍රවේශය හිමිවන බවත් ඇය ප්‍රකාශ කළාය. ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ සිංගප්පූරුව යන රටවල් සමග ශ්‍රී ලංකාවට වෙළෙඳ ගිවිසුම් තිබෙන බවත් මෙරටට පැමිණෙන අයෝජකයන්ට එම වෙළෙඳපොළවලටද ප්‍රවේශය හිමිවන බවත් ඇය පැවැසුවාය.
මෙරටට පැමිණෙන ආයෝජකයන්ට අපනයන සේවා සඳහා සමාගම් ආදායම් බද්ද සියයට 15 ක අඩු කිරීමක් ලැබෙන බවත් ඇමරිකානු ඩොලර් මිලියන 50 ට වැඩි ආයෝජන සඳහා සෙස් සහ වරාය හා ගුවන් තොටුපොළ බද්දෙන් නිදහස් කිරීම් ලැබෙන බවත් ඇය ප්‍රකාශ කළාය. එසේම අපනයනය අරමුණු කරගත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී තීරු බදු නිදහස් කිරීම් ලැබෙන බවත් ව්‍යාපෘතිය සඳහා සිදුකරන ආනයනවලට සියයට සියයක රේගු බදු නිදහස් කිරීම් ලැබෙන බවත් ඇය පැවැසුවාය.
මෙම සහන ඇතුළු තවත් සහන ගණනාවක් මෙරට ආයෝජනය කරන ආයෝජකයන්ට ලබෙන බවද ඇය පෙන්වා දුන්නාය. ආයෝජන මණ්ඩලය යටතේ මෙරට සේවා සඳහා ආයෝජනය කිරීමේදී, ආයෝජනය කළ හැකි අවම මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවත් ඇඟලු‍ම් කර්මාන්තයේ ආයෝජනය කළ හැකි අවම මුදලද ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවත් ඇය සඳහන් කළාය. මේ ආකාරයෙන් සෑම අංශකයටම ආයෝජන මණ්ඩලය හරහා ආයෝජන සිදුකරන්නේ නම් ඒ සඳහා අවම ආයෝජන මට්ටමක් තිබෙන බවද ඇය පැවැසුවාය.
චීනයේ සමාගම් 77 ක පමණ නියෝජනය කරමින් නියෝජිතයන් 100 කට අධික පිරිසක සහභාගීත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා - චීන යෝජනා සමුළුවේදී ඇය මෙම අදහස් පළ කළාය. එම සමුළුව චීනයේ වාණිජ මණ්ඩල 4 ක් මෙන්ම එරට වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන වැන්ග් වෙන්ටාඕ මහතාද සහභාගී වූවේය.

 



අදහස් (0)

යටිතල පහසුකම්වල ආයෝජනට ආයෝජකයන්ගේ වැඩි උනන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site