එළැඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා සාකච්ඡා කර එම තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.
නීතිවිරෝධී, අනවසර, නියමිත පටිපාටියෙන් බැහැර මසුන් මැරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇති නිසාවෙන් ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් ආනයනය කිරීම එළැඹෙන වසරේ සිට තහනම් කරන බව යුරෝපා සංගමය පසුගියදා නිවේදනය කළේය.
තහනම ලබන ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වනු ඇත.
යුරෝපයට මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් අපනයනය කරන්නන් අතරින් විශාලත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව යුරෝපයට කරන ලද මත්ස්‍ය නිශ්පාදන අපනයනයන්ගෙන් පසුගිය වසරේ උපයාගෙන ඇති මුදල ඩොලර් ලක්ෂ 940 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයට දැන් මාලු කෑල්ලක් අඩු මුදලට කන්න පුළුවන් වෙයි. (නදී)
කවදාවත් මූදක් දැකපු නැති අය මෙතන කමෙන්ට් දාන්න එපා. සමහරුත් හරියට මූද දැකපු නැති මාළුන්ගේ නමවත් දන්නේ නැති ධීවර ඇමති වාගේ. පිට රටට මාළු ටික විකුණගන්න බැරිව ගියොත් ධීවර පවුල් දහස් ගානක් අසරණ වෙනවා. මේ රට යවන්නේ ඔයගොල්ලෝ කන සාලයෝ සූඩයෝ නෙවෙයි. කෙන්දා කියන මාළුවා. ඒ මාළුවට පිටරට ඉල්ලුම වැඩියි. දේශීය වෙළදපලට නිකුත් කරනවට වඩා වැඩි මුදලක් උපයගන්න පුළුවන්. යුරෝපයට වැඩියෙන්ම මාළු යවන රට අපි නෙමෙයි. කෙන්දා මාළුවා දේශීය වෙළඳපලට නිකුත් කලා කියලා මාළු මිල අඩුවෙන්නේ නෑ. මාළු මිල අඩුකරන්න නම් ඩීසල් මිල අඩුකරලා හෝ සහනාධාර දීලා හෝ නිෂ්පාදන පිරිවැය අඩුකරන්ඩ ඕනා. මේකත් නිකන් තේ වෙළඳම වාගේ වැඩක්. (නදී)
අපේ රටේ ධීවරයෝ අල්ලන මාළු විදේශ වලට විකුණලා ගන්න සල්ලිවලින් අපි ටින් මාළු කන්ටේනර් ගණන් ගෙන්වනවා. ඊට හොඳ නැද්ද ඔය කියන මාළු අපේ රටේම ජනතාවට විකුණලා මුදල් කළා නම්. මොකද විදේශ විනිමය එනවට වැඩිය යන නිසා. (නදී)
අපේ රටේ ධීවරයෝ අල්ලන මාළු විදේශ වලට විකුණලා ගන්න සල්ලිවලින් අපි ටින් මාළු කන්ටේනර් ගණන් ගෙන්වනවා. ඊට හොඳ නැද්ද ඔය කියන මාළු අපේ රටේම ජනතාවට විකුණලා මුදල් කළා නම්.මොකද විදේශ විනිමය එනවට වැඩිය යන නිසා.(හේ)
මේ දේ නිසා ලාභ ලබනවට වඩා අලාභය වැඩියි.(හේ)
අපේ අයට මේ මාළු මිල අඩු කරලා දුන්න නම් මොකද වෙන්නේ.(හේ)
ඔය මාළු ටික යුරෝපෙට වික්කා කියලා අපේ ධිවරයන්ට ලැබෙන දෙයක් නෑ.(හේ)
අපේ රටේ ගොඩක් ඇමතිවරු අපේම සල්ලි වලින් කාල බීල රටට කිසිම වැඩක් නොකොට රටත් කනවා. මේකට ප්‍රදාන හේතුව ජනාදිපති ඇමතිලගේ ඡන්ද වලට යටවෙලා කිසිම දෙයක් හොයන්නේ නැතුව ඔහේ කරන්න දීල ඉන්නවා. මෙහෙම නම් රට හදන්න බැහැ (නදී)
දැන් ඉතින් වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයි ද දන්නෙ නැහැ (නදී)
මේ රජයේ ඉන්න අදක්ෂ දේසපාලුවෝ නිසා ශ්‍රී ලංකාව හැම පැත්තෙන්ම බැට කනවා. දැන්වත් අතීසාරෙට අමුඞ ගහන වැඞ නොකර අන්තර්ජාතික නීතී රීතීවලට අනුව වැඞකරන්න. (නදී)
ඇමතිතුමනි, සාකච්ඡාවට යන්න කලින් අපේ රජය විසින් මෙතනදී කර ඇති චෝදනාවලට භාජනයවූ වැරදි හදා ගත්තොත් උත්සාහය සාර්ථක වේවි නේද? (නදී)
මගේ කොම්පැනිය අල්ලන මාලු නම් යන්නේ ජපානයට,කොරියාවට. අනිත් ඒවා ගැන හොයන්නට වෙලාවක් නැහැ. (නදී)
යුරෝපය බලා ඉන්නේ අපේම මාළු කන්නනේ .....(අ)
යුරෝපා සංගමය මීටපෙර කිහිප වතාවක්ම රජයට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ බව අසා තිබුණා. අපේ රටේ අමාත්‍යංශම පමණක් කීයක් තියෙනවද? (නි)
යුරෝපා සංගමය මීට පෙර කිහිප වතාවක්ම රජයට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කරපු බව කියා සිටියා. කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු බවත් කියා සිටියා. මොකට අපේ රටේ අමාත්‍යංශ හැට හුටහමාරක් තියෙනවද මන්දා (නදී)
මේක නම් ශ්‍රී ලංකා ආර්ථිකයට වැදුණු මරුපහරක් හා සමානයි නේද? (නි)
තමිල්නාඩුවෙන් කරන නීති විරෝධී වැඩත් අපේ ගිණුමට වැටිලා වගේ. ගහන්න ඕනේ වුනාම කොහොම හරි වැරද්දක් හොයාගෙන ගහනවා ප්‍රසිද්ධියේම. (නදී)
තමිල්නාඩුවෙන් කරන නීති විරෝධී වැඩත් අපේ ගිණුමට වැටිලා වගේ. ගහන්න ඕනේ වුනාම කොහොම හරි වැරද්දක් හොයාගෙන ගහනවා ප්‍රසිද්ධියේම. (නදී)
ඇමති තුමාගේ කට වගේ වැඩ නැහැනේ (නදී)
අනේ බෞද්ධ රටකට ගිය කල. යුරෝපෙට වැඩියෙන්ම මාළු මරල දෙන රට අපේ ධර්මද්වීපය . (ස)
හැමදාම අපේ අය කරන්නේ අස්සයා පැන්නට පස්සේ ඉස්තාලය වහන එක. මේවට විකල්ප හොයන්න තිබුණේ මීට කලින්. එහෙන් චීන්නු ලංකාවේ කොඩිය ගහන ලංකාවේ මුහුදු සීමාවේ හා අනවසර කලාප වල මාළු අල්ලනවා. මේවා අපි නොදැනුවත්ව වෙන දේවල් නෙමෙයිනේ (නි)