මහනුවර පැවති 2025 දළදා දැක්ම ජාතික අභිමානයේ සහ අධ්‍යාත්මික පරාවර්තනයේ මොහොතක් විය යුතුව තිබුණි. එහෙත් ඒ වෙනුවට සිදුවූයේ මෙම පූජනීය සංස්කෘතික සැමරුම අපගේ සාමූහික සිවිල් අසාර්ථකත්වයේ පැහැදිලි නිදර්ශනයක් බවට පත්වීමයි. ඉවතලන ලද ආහාර බහාලුම් යට ඓතිහාසික වීදි වැළලී ගිය අතර, පූජනීය ස්ථාන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අපවිත්‍ර වූයේ, අපගේ වඩාත්ම ගෞරවනීය පූජා වස්තුව වන බුදුන්ගේ පූජනීය දන්ත ධාතුව තැන්පත් කර ඇති පුරාණ නගරය ජාතිය පුරා ප්‍රතිරාවය කරන අනතුරු ඇඟවීමේ කතාවක් බවට පරිවර්තනය කරමිනි.
අපගේ උරුමයට ගෞරව කිරීමේ අදහසින් පැවැත්වූ දෙය, අපගේ පිරිහෙමින් පවතින මහජන විනය පිළිබිඹු කරන කැඩපතක් බවට පත්විය. මෙම මොහොත මතකයෙන් මැකී යාමට හෝ පක්ෂග්‍රාහී ඇඟිලි දිගු කිරීමකට යොමු වීමට ඉඩ නොදී, එය ජාතික පුනර්ජීවනය සඳහා තීරණාත්මක උත්ප්‍රේරකයක් ලෙස අප හඳුනාගත යුතුය.
සැමරුමේ ප්‍රතිඵලය කැළඹිලි සහගත චිත්‍රයක් මැවීය. ජාතික මාධ්‍ය වාර්තා කළේ සෑම ශ්‍රී ලාංකිකයකුම අපහසුතාවට පත්වන දර්ශනය. එම දර්ශනවල දකින්නට ලැබුණේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කඳුවලින් වට වූ ඓතිහාසික ස්ථාන, සුන්බුන්වලින් වැසී ගිය ජල මාර්ග සහ නිසි පිරිසුදු කිරීමකින් තොරව අතහැර දැමූ වෙළෙඳ කුටිය. මෙම පාරිසරික නොසැලකිල්ල බහු අසාර්ථකත්ව ඇති වූවක් විය. ඊට අමුත්තන් තම වටපිටාව කෙරෙහි කිසිදු සැලකීමකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම, වෙළෙන්දන් අවම අපද්‍රව්‍ය කළමනාකරණ වගකීමට වඩා සිය පහසුව සඳහා ප්‍රමුඛත්වය දීම, පළාත් පාලන ආයතන ප්‍රමාණවත් තරම් වැළැක්වීමේ පියවර සහ බලාත්මක කිරීම් ක්‍රියාත්මක නොකිරීම සහ දළදා ප්‍රදර්ශනයට සහභාගි වූවන් සියලු දෙනා අතරම පුළුල් වගවීමක් නොමැති වීමද ඇතුළත් වෙයි.
මෙය හුදෙක් සංවිධායකයන්ගේ අත්වැරැද්දක් හෝ සැපයුම් අභියෝගයක් නොවේ. එය ශ්‍රී ලාංකික සමාජය වරක් නිර්වචනය කළ වටිනාකම් එනම්, අපගේ උරුමය සහ ස්වාභාවික පරිසරය යන දෙකටම ගරු කිරීම, වගකීම සහ ගෞරවය යන සාර්ධර්මවල ගැඹුරු ඛාදනයක් නියෝජනය කරයි.
ගැඹුරු ගැටලුවල රෝග ලක්ෂණයක්
මහනුවර සිදුවීම අපේ ජාතියට බලපාන ගැඹුරු රෝගයක රෝග ලක්ෂණයක් පමණි. සැබෑ ගැටලුව යටිතල පහසුකම් නොව අධ්‍යාත්මික හා සංස්කෘතිකය, එනම් සාමූහික උදාසීනත්වය මගින් සිවිල් විඥානය ක්‍රමයෙන් විස්ථාපනය වීමකි. මෙම පරිවර්තනය එක රැයකින් සිදු වූවක් නොවේ; එය නියෝජනය කරන්නේ අපගේ ලාබාලතම පුරවැසියන් තුළ දශක ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද චරිත ගොඩනැගීමයි.
සංවර්ධන මනෝවිද්‍යාව අපගේ මුතුන් මිත්තන් සහජයෙන්ම තේරුම් ගත් දේ සනාථ කරයි: ජීවිත කාලය පුරාම පුරුදු සහ වටිනාකම් වල පදනම මුල් ළමාවියේදී, විශේෂයෙන් අවුරුදු 2 ත් 6 ත් අතර කාලය තුළ ස්ථාපිත වේ. දරුවන් ඔවුන්ගේ සදාචාරාත්මක රාමුව සහ වැඩිහිටිභාවය දක්වාම පවතින සමාජ හැසිරීම් වර්ධනය කරන්නේ මෙම හැඩගැස්වීමේ වසරවලදී ය. විනය සහ සිවිල් මනස මගින් නිර්වචනය කරන ලද සමාජයක් වගා කිරීමට අප අපේක්ෂා කරන්නේ නම්, සංවර්ධනයේ මුල් අවධියේ සිටම අපි මෙම ගුණාංග හිතාමතාම පෝෂණය කළ යුතුය.
අලුත් කිරීම සඳහා රාමුවක්
අපගේ සිවිල් පරිහානිය ආපසු හැරවීමට අවශ්‍ය වන්නේ මුල් ළමාවියේ සිට ආරම්භ වන ක්‍රමානුකූල, වටිනාකම් කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයකි. ඔවුන්ගේ ක්‍රියාවලට තමන්ගෙන් ඔබ්බට ගිය ප්‍රතිවිපාක ඇති බව දරුවන් ඉගෙන ගත යුතුය. මෙම අවබෝධය පහත සඳහන් දෑ හරහා පෝෂණය කළ හැකිය:
• පෞද්ගලික සහ බෙදාගත් පිරිසුදු කිරීමේ වගකීම් ඇතුළත් ව්‍යුහගත පන්ති කාමර චර්යා
• ප්‍රජා අවකාශයට ධනාත්මක දායකත්වය නිරීක්ෂණය කරන දෘශ්‍ය වගවීමේ පද්ධති.
• තනි තේරීම් බෙදාගත් පරිසරයට බලපාන ආකාරය පිළිබඳ නිතිපතා පරාවර්තනය.
• සම වයසේ මිතුරන් අතර වගකිවයුතු පුරවැසිභාවය සමරන පිළිගැනීමේ වැඩසටහන්.
පාරිසරික විඥානය පසු සිතිවිල්ලක් නොව දෙවැනි ස්වභාවයක් බවට පත්විය යුතුය:
• අපද්‍රව්‍ය වෙන් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පිළිවෙත් වයසට ගැළපෙන දෛනික පුරුදු ලෙස හඳුන්වා දිය යුතුය.
• ස්වභාව සම්බන්ධතා ක්‍රියාකාරකම් මගින් දේශීය පරිසරය කෙරෙහි චිත්තවේගීය බැඳීමක් ඇති කළ හැකිය.
• පාසල් ළමයින් විසින් මෙහෙයවනු ලබන “වීදියේ ආරක්ෂකයා” වැඩසටහන් වැනි ප්‍රජා සේවා ව්‍යාපෘති.
• ප්‍රායෝගික සංරක්ෂණ ව්‍යාපෘති සඳහා දේශීය පාරිසරික සංවිධාන සමඟ හවුල්කාරිත්වයන්.
පැහැදිලි වටිනාකම් අධ්‍යාපනය
සාරධර්ම පැහැදිලිව ඉගැන්විය යුත්තේ, ආකෘතිගත කළ යුත්තේ සහ ශක්තිමත් කළ යුත්තේ පහත සඳහන් දෑ හරහා ය:
• සොබාදහමට සහ ප්‍රජාවට ගරු කිරීම අවධාරණය කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කතා ඒකාබද්ධ කිරීම.
• පාරිසරික හා සිවිල් තේරීම්වලට අදාළ සදාචාරාත්මක උභතෝකෝටික පිළිබඳ පන්ති කාමර සාකච්ඡා.
• සංවේදනය සහ ඉදිරිදර්ශනය වර්ධනය කරන භූමිකා නිරූපණ අභ්‍යාස.
• දුෂ්කර අවස්ථාවල පවා දරුවන් හරි දේ වෙනුවෙන් පෙනී සිටින විට සදාචාරාත්මක ධෛර්යය හඳුනා ගැනීම.
පුරාණ ශ්‍රී ලාංකික ශ්‍රමදාන සංකල්පය (ශ්‍රම ත්‍යාගය) පහත සඳහන් දෑ හරහා නැවත පණ ගැන්විය යුතුය:
• අන්තර් රඳා පැවැත්ම සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වය අවධාරණය කරන සහයෝගී පන්ති කාමර ව්‍යාපෘති.
• අනුගමනය කිරීම සහ නායකත්වය යන දෙකෙහිම අත්දැකීම් ලබා දෙන නායකත්ව භූමිකාවන් භ්‍රමණය කිරීම.
• වැඩිහිටි සිසුන් විසින් ලාබාල සිසුන්ට සිවිල් භාවිත සඳහා මඟ පෙන්වන වයස්ගත මාර්ගෝපදේශක වැඩසටහන්
• දේශීය ගැටලු විසඳීම සඳහා දරුවන් වැඩිහිටියන් සමඟ වැඩ කරන ප්‍රජා වැඩිදියුණු කිරීමේ මුලපිරීම්
සමාජය පුරා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග
අපගේ සමාජය පුරා මෙම මූලධර්ම පරිමාණය කිරීම සඳහා බහු මට්ටම්වල සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ:
අධ්‍යාපන ප්‍රතිපත්තිය:
• ක්‍රමානුකූල චරිත අධ්‍යාපනය සහ සිවිල් වගකීම ජාතික විෂය මාලාවට ඒකාබද්ධ කිරීම.
• මැනිය හැකි ප්‍රජා බලපෑම් මිනුම් සහිත “වගකිවයුතු පුරවැසි” සහතික කිරීමේ වැඩසටහනක් ස්ථාපිත කිරීම.
• වටිනාකම් මත පදනම් වූ උපදෙස් සහ චරිත සංවර්ධන ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් පුහුණු කිරීම.
• අධ්‍යයන ජයග්‍රහණ සමඟ සිවිල් නිපුණතා මනින තක්සේරු රාමු නිර්මාණය කිරීම.
පවුල සහ ප්‍රජා සහභාගීත්වය:
• පාසල් වටිනාකම් නිවාස භාවිත සමඟ සම්බන්ධ කරන මවුපිය අධ්‍යාපන වැඩසටහන්.
• පාරිසරික වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රජා-පාසල් හවුල්කාරිත්ව
• වැඩිහිටියන් සහ ළමයින් අතර අන්තර්-පරම්පරික මග පෙන්වීමේ අවස්ථා.
• ප්‍රජාව පුරා පාරිසරික අධීක්ෂණය සහ වාර්තාකරණයට පහසුකම් සැලසීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම.
සංස්කෘතික හා ආගමික නායකත්වය:
• අධ්‍යාත්මික භාවිතයක් ලෙස පාරිසරික භාරකාරත්වය අවධාරණය කිරීම.
• සිවිල් වගකීම පිළිබඳ ධනාත්මක උදාහරණ ප්‍රදර්ශනය කිරීම සඳහා මාධ්‍ය වේදිකා භාවිත කිරීම.
• පාරිසරික ගෞරවය පැහැදිලිව ඇතුළත් කිරීම සඳහා සංස්කෘතික උත්සව පුනර්ජීවනය කිරීම.
• සිවිල් වටිනාකම් වටා බලගතු ආඛ්‍යාන නිර්මාණය කිරීම සඳහා කලාකරුවන් සහ සංගීතඥයන් සමඟ හවුල් වීම.
ජාතික හැරවුම් ලක්ෂ්‍යයක්
මහනුවර පාරිසරික අර්බුදයේ අපකීර්තිය අපගේ ජාතික හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය යුතුය. භෞතික අපද්‍රව්‍ය වහාම පිරිසුදු කිරීම, ආකල්ප සහ අපේක්ෂා වඩාත් ගැඹුරු පිරිසුදු කිරීමක් සමඟ සිදු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ අනන්‍යතාව, අධ්‍යාත්මික ප්‍රඥාව සහ ස්වභාවික සුන්දරත්වය යන දෙකටම අප දක්වන ගෞරවයෙන් වෙන් කළ නොහැකි ය. පූජනීය ස්ථාන අපවිත්‍ර වීමට ඉඩ දෙන විට, අපි අපගේ පරිසරය පමණක් නොව අපගේ ජාතික චරිතයද පාවා දෙන්නෙමු. සැබෑ දේශප්‍රේමය ප්‍රදර්ශනය වන්නේ සැමරුම් සහ උත්සව හරහා පමණක් නොව, අපගේ බෙදාගත් අවකාශ රැකබලා ගැනීමේ දෛනික විනය හරහා ය.
ඉදිරි මාවත සඳහා අපගේ වර්තමාන අසාර්ථකත්වයන් පිළිබඳ අවංකභාවය සහ ක්‍රමානුකූල වෙනසක් වෙනුවෙන් කැපවීම අවශ්‍ය වේ. අපගේ ලාබාලතම පුරවැසියන්ගේ චරිත ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමෙන් අපි සිටවනු ලබන්නේ, පහසුව වෙනුවට සවිඥානකත්වය, නොසලකා හැරීම වෙනුවට වගකීම මගින් අර්ථ දක්වා ඇති සමාජයක් බවට පිපෙන මල්වල බීජය.
මහනුවර ඇති අධෛර්යමත් කරවන දර්ශන හරහා අපගේ අනාගතය නිර්වචනය කළ යුතු නැත. ඒ වෙනුවට, ශ්‍රී ලංකාව එහි ඉහළම වටිනාකම්වලට නැවත කැප වූ මොහොත සනිටුහන් කළ හැක්කේ, අපගේ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා පළමුව එයට ගරු කිරීම සඳහා චරිතය වර්ධනය කිරීම අවශ්‍ය බව අපි සාමූහිකව හඳුනා ගත් විටය.
අපගේ ජාතියේ අලුත් කිරීම ආරම්භ වන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්තිවලින් නොව අපගේ දරුවන්ට උගන්වනු ලබන, අපගේ නායකයන් විසින් ආදර්ශයට ගන්නා සහ සෑම පුරවැසියකු විසින්ම ක්‍රියාත්මක කරනු ලබන සරල, දෛනික වගකීම් ක්‍රියාවලින් මෙම පරිවර්තනය සඳහා කාලය එළැඹෙන්නේ හෙට නොව, අදය.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර පාරිසරික අර්බුදයෙන් ජාතික පාඩමක්