IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර ප්‍රවාහනය සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩො.මි. 69ක්

(චමින්ද මුනසිංහ)

මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 69.33ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට ලෝක බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඉකුත්දා (22) අත්සන් කළේය.

මේ අනුව බස් නැවතුම් පහසුකම්, ප්‍රවේශ මාර්ග සහ ජලාපවහන පද්ධතිය ඇතුළු නවීන පහසුකම් සහිත ක්‍රියාකාරී ප්‍රවාහන පර්යන්තයක් ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නගරයේ තැනින් තැන විසිරී අක්‍රමවත්ව පවතින ප්‍රවාහන පර්යන්ත හා මහනුවර නගරයේ ඇතිවන තදබදයට ස්ථාවර විසඳුමක් ලබාදෙන අතර විවිධ ප්‍රවාහන ක්‍රම අතර මගීන්ට මාරුවීමට වඩා හොඳ පහසුකම් ද සපයනු ඇත. ව්‍යාපෘතිය පොදු ප්‍රවාහනය වඩාත් ක්‍රමානුකූල කිරීම සඳහා කාලෝචිත අවශ්‍යතාවක් වන අතර එමගින් මහනුවර නගරය වඩාත් ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම අපේක්ෂාව වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව සහනදායී ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 64.33ක ණය මුදලක් සහ සහනදායී නොවන ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක ණය මුදලක් ලබාදීමට එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරි විසින් ක්‍රියාත්මක කරනු ඇත. ඓතිහාසික සමාජ හා ආර්ථික වටිනාකම සැලකිල්ලට ගනිමින්, ජාතික නගර සංකල්පය යටතේ සංවර්ධනය කළ යුතු නගර ලෙස මහනුවර නගරය ඇතුළු නගර ගණනාවක් ප්‍රධාන සැලැස්ම තුළින් හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ලෝක බැංකුව වෙනුවෙන් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන නියෝජිත ෆරිස් එච්. නසාඩ් සර්වෝර්ස් යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

 



අදහස් (0)

මහනුවර ප්‍රවාහනය සංවර්ධනයට ලෝක බැංකුවෙන් ඩො.මි. 69ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site