ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නානායක්කාර අර්ත් මුවර්ස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා නානායක්කාර මහතා තම ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 160ක් වැයකර මහින්ද විදුහලට ඉදිකර දුන් තෙමහල් ගොඩනැගිල්ල ජූලි 2 වැනිදා පෙරවරු 9 ට සිසු අයිතියට පත්කිරීමට නියමිතය.
තම පියා සිහිවීම පිණිස ඩී.පී.නානායක්කාර අනුස්මරණ ප්‍රාසාදය ලෙස එම ගොඩනැගිල්ල නම් කර ඇති අතර එය රාජා නානායක්කාර මහතාගේ මව වන එන්.නානායක්කාර මහත්මියගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උනුසුම් සුබ පැතුම්. (නදී)
ජයවේවා! සුබ පැතුම්! (නි)
මොනතරම් හොඳ වැඩක්ද? (නි)
අර දුප්පත් ළමයි ටිකකට / දුප්පත් පාසලකට යන්න තරම් මේ මිනුස්සු සංවේදී නෑ. ඔක්කොම ප්‍රසිද්ධියට තමා (බ)
බොහොම හොද දෙයක් මේ මහත්මයා කරලා තියෙන්නේ . මාතෘකාවට අදාලව උසස් ප්‍රතිචාර ඒවා තිබෙනවා අපේ මිතුරන් සියලු දෙනා. (ර)
බිල්ඩින් විතරක් මදි පාසල් දරුවන්ගේ දැනුමත් වර්ධනය විය යුතුයි.(හේ)
ඔය මුදලින් දුප්පත් පාසල් රැසක් සංවර්ධනය කරන්න හැකියාව තිබුණානම් කොච්චර අගේද?(හේ)
රිච්මන්ඩ් වරයකු ලෙස සුබපතමි .(හේ)
රිච්මන්ඩ්වරයකු ලෙස සුබපතමි !!!!! (ම)
රට සංවර්ධනය වෙන එකයි අපේ එකම පැතුම (නි)
වැඩ නම් ඉතාම හොදය. එ්ත් පොඩි පාසල් කීපයකට අත දෙන්න තිබුන. (බ)
ගොඩක්ම හොඳ ක්‍රියාවක්.මේ වගේ දේ අගය කරන්න ඕනෑ.නමුත් මීට වඩා දෙයක් කරන්න තිබුනා.වාඩිවෙන්න පුටුවක් නැති,බිමට සිමෙන්ති ටිකක් දාගන්න නැති ගම්බද දුප්පත් පාසලකට.සුබ පැතුම්! (නි)
අජිත්, කුමාර, අපිත් මුලින්ම අපේ ඉස්කෝලෙට තමා වැඩ කරන්නේ. මගේ නම් හැගීම ඉතින් අපි ඉගෙන ගත්තු පාසලට අපෙන් කුමක් හෝ උදව්වක් කරන එකයි. ලංකාවේ සියලු පාසල් වලට එකම විදියට පහසුකම් නැති එක ගැනනම් ගොඩක් කනගාටු වෙනවා. (ර)
මම හදවතින්ම මහින්දෙට ආදරෙයි (නි)
මේක රජයෙන් හැදුවා නම් කෝටි 25ක බිලක් දාල දෙයි. කොයි රජයකින් උනත් බිල නම් එකයි (නදී)
පිනට දෙයක් දුන්නම එයට පින් දෙන්නේ නැතුව දිග ,පළල බලන්න තමයි දන්නේ. ප්‍රභූවරුන් කියන අය මහජනතාවගේ. මුදලින් මේ වගේ දේවල් කරනකොට මේ අයම තමයි සාදු නාද දෙන්නේත්. බඩ පිරුණත් හිත පිරෙන්නේ නැහැ (නි)
සුබ පැතුම්! (නි)
මහින්දය තමයි අපේ පාසල! (නි)
අපගේ ආචාරය මහින්ද වෙනුවෙන් (ම)
එක පන්තියේ හිටපු සහෝදරයෙක් හැටියට රාජා නානායක්කාරට පාසල වෙනුවෙන් කරන උදාර සේවයට හද පිරි ගෞරවය සමඟ උණුසුම් සුභපැතුම් පිරිනමමි. (නි)
එක පන්තියේ හිටපු සහෝදරයෙක් හැටියට රාජා නානායක්කාර පාසැල වෙනුවෙන් කරන උදාර සේවයට හද පිරි ගෞරවය සමග උණුසුම් සුභපැතුම් පිරිනමමි. (ර)
මේකේ මාතෘකාව දැක්කහම මතක්වුණේ මට වෙන කෙනෙක් (නි)
මේකේ හෙඩිම දැක්කම මතක් වුනේ වෙන එකක් (බ)
මටත් ඒකමයි හිතුනේ.(නදී)
ඉතා හොඳ වැඩක්. ජයවේවා! (නි)
පාසල් මෑණියන්ට කරන ලොකුම කළගුණ දැක්වීමක් (නි)
මහින්දේ තමයි ස්කෝලේ (නදී)
බොහොම උසස් දෙයක්. තම පියා සිහිවීම පිණිස, තමා ඉගෙනුම ලැබූ පාසලට මෙවැනි වටිනා ත්‍යාගයක් පිරිනැමූ ඔබට මහින්ද ආදී සිසුවෙකු වශයෙන් මගේ ආචාරය !! (බ)
ඔබගේ මෙම මහගු උත්සාහයට ආදී මහින්දීයයක් විදිහට හර්දයාංගම ස්තුතිය පුදකර සිටිමි ."ලෝපතල කීර්ථියෙනි වේ ජයම දිනදිනා"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා.(අ)
ඔබගේ මෙම මහගු උත්සාහයට ආදී මහින්දීයයෙක් විදිහට හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි ."ලෝපතල කීර්ථියෙනි වේ ජයම දිනදිනා"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා...(බ)
මහින්ද ආදී සිසුවෙකු වශයෙන් මගේ ආචාරය (ම)
රාජා ඉතාම ශ්‍රේෂ්ඨයි .උගත් අප පාසලට මෙවන් සේවයක් කිරීම ගැන ප්‍රශංසා හිමි වේවා .(ම)
මහින්ද විද්‍යාලය අහම්බයක් නොවේ. එය රාජා නානායක්කාර වැනි සමාජ යහපතම පැතූ මිහිඳු පුතුන් සහ ගාලු පුතුන්ගේ ධන පරිත්‍යාගවලින් බිහිවූවක්. එවන් පුතුන් රටට දායාද කළ මව් පියන් බුහුමන් ලැබිය යුතුමය. (බ)
මහින්ද විද්‍යාලය අහම්බයක් නොවේ. එය රාජා නානායක්කාර වැනි සමාජ යහපතම පැතූ මිහිඳු පුතුන් සහ ගාලු පුතුන්ගේ ධන පරිත්‍යාගවලින් බිහිවූවක්. එවන් පුතුන් රටට දායාද කළ මව් පියන් බුහුමන් ලැබිය යුතුමය. (හේ)
අර දුප්පත් ළමයි ටිකට / දුප්පත් පාසලකට මේ වගේ දේවල් සකසන්න හැකි නම්.... (නි)