IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


මහින්දෙට නව මැදුරක්

ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය නානායක්කාර අර්ත් මුවර්ස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා නානායක්කාර මහතා තම ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 160ක් වැයකර මහින්ද විදුහලට ඉදිකර දුන් තෙමහල් ගොඩනැගිල්ල ජූලි 2 වැනිදා පෙරවරු 9 ට සිසු අයිතියට පත්කිරීමට නියමිතය.

තම පියා සිහිවීම පිණිස ඩී.පී.නානායක්කාර අනුස්මරණ ප්‍රාසාදය ලෙස එම ගොඩනැගිල්ල නම් කර ඇති අතර එය රාජා නානායක්කාර මහතාගේ මව වන එන්.නානායක්කාර මහත්මියගේ සුරතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

1 4 5 6

web

 



අදහස් (0)

මහින්දෙට නව මැදුරක්

පිටබැද්දර ජයා Wednesday, 01 July 2015 10:37 AM

මේකේ මාතෘකාව දැක්කහම මතක්වුණේ මට වෙන කෙනෙක් (නි)

:       0       0

සංජය Thursday, 02 July 2015 02:40 PM

අර දුප්පත් ළමයි ටිකකට / දුප්පත් පාසලකට යන්න තරම් මේ මිනුස්සු සංවේදී නෑ. ඔක්කොම ප්‍රසිද්ධියට තමා (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 July 2015 10:37 AM

මේකේ හෙඩිම දැක්කම මතක් වුනේ වෙන එකක් (බ)

:       0       0

කුමාර Saturday, 04 July 2015 02:08 PM

වැඩ නම් ඉතාම හොදය. එ්ත් පොඩි පාසල් කීපයකට අත දෙන්න තිබුන. (බ)

:       0       0

නිසල් ( ජපානය) Thursday, 02 July 2015 09:03 AM

ඔබගේ මෙම මහගු උත්සාහයට ආදී මහින්දීයයක් විදිහට හර්දයාංගම ස්තුතිය පුදකර සිටිමි ."ලෝපතල කීර්ථියෙනි වේ ජයම දිනදිනා"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා.(අ)

:       0       0

නිසල් ( ජපානය) Thursday, 02 July 2015 09:05 AM

ඔබගේ මෙම මහගු උත්සාහයට ආදී මහින්දීයයෙක් විදිහට හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි ."ලෝපතල කීර්ථියෙනි වේ ජයම දිනදිනා"මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජඹේවා...(බ)

:       0       0

විකි Tuesday, 07 July 2015 11:39 AM

අජිත්, කුමාර, අපිත් මුලින්ම අපේ ඉස්කෝලෙට තමා වැඩ කරන්නේ. මගේ නම් හැගීම ඉතින් අපි ඉගෙන ගත්තු පාසලට අපෙන් කුමක් හෝ උදව්වක් කරන එකයි. ලංකාවේ සියලු පාසල් වලට එකම විදියට පහසුකම් නැති එක ගැනනම් ගොඩක් කනගාටු වෙනවා. (ර)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 01 July 2015 06:57 PM

ඉතා හොඳ වැඩක්. ජයවේවා! (නි)

:       0       0

කෝසල Wednesday, 01 July 2015 06:59 PM

පාසල් මෑණියන්ට කරන ලොකුම කළගුණ දැක්වීමක් (නි)

:       0       0

රජීව් Thursday, 09 July 2015 03:32 PM

සුබ පැතුම්! (නි)

:       0       0

හේමන්ත Thursday, 02 July 2015 03:50 PM

බොහොම හොද දෙයක් මේ මහත්මයා කරලා තියෙන්නේ . මාතෘකාවට අදාලව උසස් ප්‍රතිචාර ඒවා තිබෙනවා අපේ මිතුරන් සියලු දෙනා. (ර)

:       0       0

විදර්ශන Friday, 03 July 2015 10:59 AM

බිල්ඩින් විතරක් මදි පාසල් දරුවන්ගේ දැනුමත් වර්ධනය විය යුතුයි.(හේ)

:       0       0

සමන් Friday, 03 July 2015 11:00 AM

ඔය මුදලින් දුප්පත් පාසල් රැසක් සංවර්ධනය කරන්න හැකියාව තිබුණානම් කොච්චර අගේද?(හේ)

:       0       0

චන්දන ජයවර්ධන Friday, 03 July 2015 11:00 AM

රිච්මන්ඩ් වරයකු ලෙස සුබපතමි .(හේ)

:       0       0

චන්දන Friday, 03 July 2015 11:01 AM

රිච්මන්ඩ්වරයකු ලෙස සුබපතමි !!!!! (ම)

:       0       0

අජිත් Sunday, 05 July 2015 05:30 PM

ගොඩක්ම හොඳ ක්‍රියාවක්.මේ වගේ දේ අගය කරන්න ඕනෑ.නමුත් මීට වඩා දෙයක් කරන්න තිබුනා.වාඩිවෙන්න පුටුවක් නැති,බිමට සිමෙන්ති ටිකක් දාගන්න නැති ගම්බද දුප්පත් පාසලකට.සුබ පැතුම්! (නි)

:       0       0

පරාක්‍රම Thursday, 02 July 2015 10:32 AM

මහින්ද ආදී සිසුවෙකු වශයෙන් මගේ ආචාරය (ම)

:       0       0

මහේෂ් Wednesday, 08 July 2015 03:04 PM

මම හදවතින්ම මහින්දෙට ආදරෙයි (නි)

:       0       0

වන්නි ආරච්චි Thursday, 02 July 2015 11:10 AM

රාජා ඉතාම ශ්‍රේෂ්ඨයි .උගත් අප පාසලට මෙවන් සේවයක් කිරීම ගැන ප්‍රශංසා හිමි වේවා .(ම)

:       0       0

මනෝජ් විජේරත්න Saturday, 04 July 2015 08:44 AM

මගේ උනුසුම් සුබ පැතුම්. (නදී)

:       0       0

ගමගේ Thursday, 02 July 2015 12:08 PM

මහින්ද විද්‍යාලය අහම්බයක් නොවේ. එය රාජා නානායක්කාර වැනි සමාජ යහපතම පැතූ මිහිඳු පුතුන් සහ ගාලු පුතුන්ගේ ධන පරිත්‍යාගවලින් බිහිවූවක්. එවන් පුතුන් රටට දායාද කළ මව් පියන් බුහුමන් ලැබිය යුතුමය. (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 12:58 PM

මටත් ඒකමයි හිතුනේ.(නදී)

:       0       0

කසුන් Thursday, 02 July 2015 12:20 PM

මහින්ද විද්‍යාලය අහම්බයක් නොවේ. එය රාජා නානායක්කාර වැනි සමාජ යහපතම පැතූ මිහිඳු පුතුන් සහ ගාලු පුතුන්ගේ ධන පරිත්‍යාගවලින් බිහිවූවක්. එවන් පුතුන් රටට දායාද කළ මව් පියන් බුහුමන් ලැබිය යුතුමය. (හේ)

:       0       0

ඉර්ෆාන් Wednesday, 08 July 2015 05:48 PM

මේක රජයෙන් හැදුවා නම් කෝටි 25ක බිලක් දාල දෙයි. කොයි රජයකින් උනත් බිල නම් එකයි (නදී)

:       0       0

තිස්ස ජයසිංජහ Thursday, 02 July 2015 03:29 AM

මහින්දේ තමයි ස්කෝලේ (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 01 July 2015 08:59 AM

බොහොම උසස් දෙයක්. තම පියා සිහිවීම පිණිස, තමා ඉගෙනුම ලැබූ පාසලට මෙවැනි වටිනා ත්‍යාගයක් පිරිනැමූ ඔබට මහින්ද ආදී සිසුවෙකු වශයෙන් මගේ ආචාරය !! (බ)

:       0       0

තිස්ස Sunday, 12 July 2015 08:02 AM

මහින්දය තමයි අපේ පාසල! (නි)

:       0       0

රන්දික Thursday, 02 July 2015 05:16 AM

අපගේ ආචාරය මහින්ද වෙනුවෙන් (ම)

:       0       0

අරවින්ද Wednesday, 01 July 2015 10:01 AM

එක පන්තියේ හිටපු සහෝදරයෙක් හැටියට රාජා නානායක්කාරට පාසල වෙනුවෙන් කරන උදාර සේවයට හද පිරි ගෞරවය සමඟ උණුසුම් සුභපැතුම් පිරිනමමි. (නි)

:       0       0

අරවින්ද දේවසුරේන්ද්‍ර. Wednesday, 01 July 2015 10:01 AM

එක පන්තියේ හිටපු සහෝදරයෙක් හැටියට රාජා නානායක්කාර පාසැල වෙනුවෙන් කරන උදාර සේවයට හද පිරි ගෞරවය සමග උණුසුම් සුභපැතුම් පිරිනමමි. (ර)

:       0       0

චතුරි Wednesday, 08 July 2015 11:20 PM

පිනට දෙයක් දුන්නම එයට පින් දෙන්නේ නැතුව දිග ,පළල බලන්න තමයි දන්නේ. ප්‍රභූවරුන් කියන අය මහජනතාවගේ. මුදලින් මේ වගේ දේවල් කරනකොට මේ අයම තමයි සාදු නාද දෙන්නේත්. බඩ පිරුණත් හිත පිරෙන්නේ නැහැ (නි)

:       0       0

සංජය Thursday, 02 July 2015 02:32 PM

අර දුප්පත් ළමයි ටිකට / දුප්පත් පාසලකට මේ වගේ දේවල් සකසන්න හැකි නම්.... (නි)

:       0       0

රශ්මිකා Thursday, 02 July 2015 02:32 PM

රට සංවර්ධනය වෙන එකයි අපේ එකම පැතුම (නි)

:       0       0

ඉන්දික Thursday, 02 July 2015 02:34 PM

ජයවේවා! සුබ පැතුම්! (නි)

:       0       0

අසංක Thursday, 02 July 2015 02:33 PM

මොනතරම් හොඳ වැඩක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 13 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 24 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 24 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 11 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 16 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 12 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 734 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1229 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site