IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහින්ද සිරිවර්ධන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පෙබරවාරි මස 12 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම උස්ස කිරීම කරනු ලැබ තිබේ.
 කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වසර 28කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇති අතර නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස්වීම් ලැබීමට පෙර හෙතෙම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇත.
 
ඊට අමතරව හෙතෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය ද හොබවා ඇත. සිරිවර්ධන මහතා 2017 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධ්‍යාක අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.
 
 
හෙතෙම 2010 ඔක්තෝබර් මාසයේ සිට 2015 අප්‍රේල් මාසය දක්වා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද ජාතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද කටයුතු කළේය.
 
ඔහු ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ද ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියකු ලෙස භාණ්ඩාගාර නියෝජිතයකු ලෙස ද සේවය කර ඇත.

  
සිරිවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන ඇත.
 
ඔහු දකුණු හා නැගෙනහිර ආසියානු රටවල මහ බැංකු පුහුණු මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක අධ්‍යයනවල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩාලික පත්‍රිකා ප්‍රකාශනයෙහි ලිපි ගණනාවක් ද පළ කර ඇත.
 
(055)
 

 



අදහස් (4)

මහින්ද සිරිවර්ධන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට

kamal Saturday, 22 February 2020 02:49 AM

මෙතුමා ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තියට එක්කළ දේවල් මොනවද කියලා සඳහන් නොවීම නම් අඩුවක්...

:       1       14

PereraMonday, 24 February 2020 01:31 AM

ඒවා මොනවටද පත්කරලා තියෙන කෙනා 30ස් වසරක යුද්ධේ නිමකරලා තියෙද්දී.

:       3       6

nimalTuesday, 25 February 2020 07:16 AM

නොදන්නා නිසයි අහන්නේ. මේ උතුමාත් මුකුත් වැඩක් නොකර පදවි විතරක් උසුලපු කෙනෙක්ද?

:       1       1

kusal Tuesday, 25 February 2020 03:58 AM

තව දවස් කීයක් මේ මුණ බලන්න වෙයිද ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site