IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහජන බැංකුවෙන් කුඩා ව්‍යාපාරවලට සහන සැලසීමට විශේෂ සහන පැකේජයක්

මහජන බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) නැවත නගාසිටුවීම අරමුණු කරගනිමින් විශේෂ සහන පැකේජයක් හඳුන්වා දී ඇති අතර, රුපියල් මිලියන 5ට අඩු අක්‍රමික තත්වයේ පවතින ණය සහිත ව්‍යාපාර කෙරෙහි එමඟින් අවධානය යොමු කරයි. මින් පෙර ලබාදුන් සහන වැඩසටහන් යටතේ ආමන්ත්‍රණය නොවුන නමුත්, මෑත කාලීන ආර්ථික අභියෝගවලින් දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යවසායන්ට සහන සැලසීම මෙම කාලෝචිත සහන පැකේජයේ ඉලක්කයයි.
මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52 කට අධික දායකත්වයක් ලබාදේ. එමෙන්ම ශ්‍රම බළකායෙන් සියයට 45කට ආසන්න ප්‍රමාණයක් මෙම ව්‍යාපාරවල සේවයේ නියුක්ත වේ. ජාතික ආර්ථිකය තුළ මෙතරම් වැදගත් ස්ථානයක් හිමිව තිබුණද, මෑත කාලයේ දී වර්ධනය වෙමින් පවතින මෙහෙයුම් පිරිවැය ඉහළයාම, පාරිභෝගික ඉල්ලුම අඩුවීම සහ නිරන්තරයෙන් විචලනයට ලක්වන මූල්‍ය වටපිටාව වැනි දුෂ්කරතාවලට බොහෝ කුඩා ව්‍යාපාර මුහුණ දී සිටී. මෙවැනි ව්‍යවසාය සඳහා ක්ෂණික සහාය ලබාදිමේ අරමුණින්, දැනට පවතින හිඟ ණය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සහන පැකේජය සැලසුම් කර ඇත.
ගනුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන, ප්‍රායෝගික සහ විශ්වසනීය ව්‍යාපාරික සැලසුම් පදනම්ව, ඔවුන්ගේ ශක්‍යතාවලට ගැළපෙන පරිදි සැකසූ සැලකිය යුතු සහනශීලී පොලී අනුපාත සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විසඳුම් මහජන බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට පිරිනැමේ. උපචිත පොලිය, කෙටි කාලීන සහනදායී ණය පොලී අනුපාත යටතේ නව ණයක් බවටද පරිවර්තනය කළ හැකිය. කොන්දේසි සහිතව වසර හතක් දක්වා දීර්ඝ කළ සහන කාල සීමා සහ කාලසීමාව අවසානයේ එකවර ගෙවීම ඇතුළු නම්‍යශීලී ආපසු ගෙවීමේ හැකියාවක් මෙමගින් හිමි වේ. මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා අමතර ප්‍රාග්ධනයක් සොයන ව්‍යාපාර සඳහා රජයේ අනුග්‍රහය ලත් වැඩසටහන් හෝ මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම හරහා අතිරේක මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක.
මෙම සහාය ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් මෙසේය.
ණය ගනුදෙනුකරුවන් සතු මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 5 නොඉක්ම විය යුතු අතර, 2019 අප්‍රේල් 1 වන දින හෝ ඊට පසු හිඟ ණය ලෙස වර්ගීකරණය කර තිබිය යුතුය. එමෙන්ම ප්‍රායෝගික හා ඵලදායී ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කළ යුතු වේ. මේ සඳහා ගනුදෙනුකරුවන්ගේ ඉල්ලිම් 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු අතර, වගකිය යුතු බැංකුවක් ලෙස මහජන බැංකුව, මෙම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති අයට ප්‍රමුඛතාව ලබාදීම සඳහා එම ඉල්ලීම් නිවැරදිව හා සුපරීක්ෂාකාරී ලෙස ඇගයීමට ලක් කෙරේ.
දිවයින පුරා පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවක් හරහා ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි අතර, මහජන බැංකුවේ ව්‍යාපාර පුනර්ජීවන ඒකකය විසින් මෙය ක්‍රියාත්මක කරයි. ගැටලුකාරී තත්වයට මුහුණ දී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟාසිටුවීම පමණක්ම නොව අක්‍රීය ණය හේතුවෙන් බැංකුව මුහුණ දෙන අවදානම අවම කිරීමද මෙහි අරමුණයි. එමෙන්ම නිසි අධික්ෂණයකින් යුතුව මූල්‍ය සහයෝගය පිරිනැමීමෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අභියෝගවලට මුහුණදීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ ආර්ථිකය යථා තත්වයට තත්වයට පත්කිරීම සඳහා පුළුල් දායකත්වයක් ලබාදීම මෙන්ම දිවයින පුරා සිටින කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම මහජන බැංකුවේ අපේක්ෂාවයි.



අදහස් (0)

මහජන බැංකුවෙන් කුඩා ව්‍යාපාරවලට සහන සැලසීමට විශේෂ සහන පැකේජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site