
මහජන බැංකුව, Satynmag Women Friendly Workplace Awards 2025 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස නැවත වරක් ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹ, අමාරි හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සම්මානය මහජන බැංකුවට හිමිවූයේ අඛණ්ඩව පස්වැනි වරට වන අතර, මේ තුළින් ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් ඇති කරමින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහිත ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීම වෙනුවෙන් සිය ස්ථිරසාර කැපවීම නැවතත් තහවුරුවී ඇත. එමෙන්ම නායකත්ව සංවර්ධනය, උපදේශන අවස්ථා සහ ආරක්ෂිත පරිසරය මෙන්ම එකිනෙකා කෙරෙහි සහයෝගය දක්වන සේවා වටපිටාවක් සහතික කිරීම සඳහා වන බැංකුවේ භාවිතයන් හා ප්‍රතිපත්ති මෙම සම්මානය මගින් නැවතත් පිළිබිඹු වේ. මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 60ක් කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත්‍රවල ඉදිරියට යාම සඳහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් සවිබල ගන්වයි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම් සහ කාඩ්පත්)/ (ක්‍රමෝපාය සැලසුම්, කාර්යසාධන කළමනාකරණ හා පර්යේෂණ (වැඩබලන) නිල්මිණි ප්‍රේමලාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රීය බැංකු කටයුතු හා එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියණගුනවර්ධන සහ සහකාර සාමාන්‍යාධිකාරිනි (මානව සම්පත්) අමල්කා රණසිංහ යන මහත්ම මහත්මීහු එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහජන බැංකුව කාන්තාවන්ට වඩාත් හිතකර සේවා ස්ථාන අතරට