IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මහජන බැංකුවේ People’s Tower නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ

මහජන බැංකුවේ People’s Tower ’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු අතින් විවෘත කෙරුණු අවස්ථාව.


මහජන බැංකුවේ People’s Tower ’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදි ඊයේ (07) සුබ මොහොතින් විවෘත කළේය.

පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමිමෙන් මෙන්ම මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැපවූ මහජන බැංකුව, මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව මේ තුළින් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සැලසේ. 

මහජන බැංකුව නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළිදැක්වීමද මෙහිදි සිදුකෙරිණි.

මෙම විවෘත කිරීමේ  අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

 

 



අදහස් (0)

මහජන බැංකුවේ People’s Tower නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site