යොහාන් භාසුර
ශ්‍රී ලංකාව තුළ පුළුල් විදේශ විනිමය වෙළෙඳපොළක් ප්‍රවර්ධන කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාවක් එළිදැක්වීය.
විදේශ විනිමය වෙළෙඳපොළ සාර්ථක කිරීමේ අරමුණින් මෙම විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාවක ආරම්භ කළ බවත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ මිල අනාවරණ හැකියාව වැඩිදියුණු කිරීම, එහි විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙය හඳුන්වාදුන් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කීය.
මෙම වේදිකාවට ප්‍රවේශවීමට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට වියහැකි බව කියන ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ විසින් බ්ලූම්බර්ග් ආයතනයේ BMatch විදේ‍්ශ විනිමය සැළසුම් වේදිකාව තෝරාගෙන ඇති බව ද සඳහන් කළේය.වර්තමානනයේ BMatch විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාව හරහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ සඳහා ඇමෙරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් කරන ගනුදෙනු සඳහා පහසුකම් සපයන බව කියන මහ බැංකුව ඒ හේතුවෙන් වෙළෙඳපොළට සහභාගීවන්නන්ට මධ්‍යම සීමිත පද්ධතියක් තුළ නිර්ණාමික ආකාරයට ඇණවුම් කිරීමේ හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.
මෙම ගැළපුම් වේදිකාව හරහා ගනුදෙනු කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය මිල විනිවිදභාවය, ගනුදෙනු කිරීම සහ ගනුදෙනුවට පසුව එයට අදාළ තොරතුරු හුවමාරු කිරීම හා පියවීම ආදී අනිකුත් කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම යන විදේශ විනිමය ගනුදෙවක සියලුම අදියර සඳහා පහසුකම් සලසන බවත් අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපාළේ මිල අනාවරණය කරගැනීමේ හැකියාව වැඩි කිරීම ද වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහ බැංකුවෙන් විදේශ විනිමය ගනුදෙනු ගැළපුම් වේදිකාවක්