ශ්රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී ළඟා කරගැනීමට නොහැකිවී ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (31) පැවසීය.
මේ වසරේ පළමු කාර්තු තුන හෙවත් පළමු මාස නවය තුළ ළඟා කරගැනීමට හැකිවී ඇත්තේ 5.2% ක් ආර්ථික වර්ධන වේගයක් බව ඔහු කීවේය.
මහ බැංකුවේ 2015 වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමට අද මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිසුන්ට තැනක් නැහැ මේ වගේ අය නිසා. සීපා වගේ ඒවා ආවොත් වෙන්නෙත් මීටත් වැඩි දේවල් තමයි අපේ රටට.......... (නි)
ලංකාවේ රුපියල තරම් බාල්දු වූ වෙන කිසිවක් නැහැ. (නි)
ඉතින් දැන් වරද කාගේද? (නි)
යුරෝපීයන් හවුල ඩොලර් එකට සාපේක්ෂව යුරෝ මුදලේ අගය අඩුකළේ යුරෝපීයන්ගේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ඇතිකර ගන්නත් ඩොලරයේ වටිනාකමෙහි අගයද නිතර නිතර උච්චාවචනය වීම නිසාත් වේ. එමනිසා යුරෝ එකකට ගෙවන රුපියල් ගණන අඩුවුණා. නැත්නම් යුරෝ එකකට ගෙවන රුපියල් ගණන පිම්මෙන් ඉහළ යන හැටි බලාගන්න තිබුනා. වාසනාවකට එහෙම වුණේ (නි)
රට යන අත නම් බොහොම නරකයි (නි)
ඕක ඉතින් පුදුමවෙන්න දෙයක්යෑ? (නි)
රූං පෙත්ත කැරකෙනවා,පාන් පෙත්ත උඩ යනවා,රජය අපිට සුරංගනා කතා කියනවා. (නි)
අපිට නම් දැන් මේවා නුපුරුදු දේවල් නොවෙයි (නි)
මහින්ද සෞදිගේ අදහස නම් නියමයි (නි)
රුපියලේ අගය අඩුවීමට ඉඩදීම ගැන රූපසිංහ ඉඟියක් දී තිබෙනවා. හැකි අයෙක් තේරුම් ගනිත්වා! දැන් විනිමය අනුපාතය මේ වෙබ් පිටුවේ උඩ තිබෙනවා. තොරතුරු අවශ්‍ය කෙනෙක් බලන්න. (නි)
පටන් ගත්තෙම මහ බැංකුව මංකොල්ලකාල හින්ද මෙහෙම නොවුන නම් තමයි පුදුමෙ.(කෞ)
ගිය අවුරුදු වල වාර්තා බොරුද ඇත්තද කියලාත් හොයාබැලුවා නම් හොඳයි (නි)
ඔබ දන්නවද 2014 ලංකාවේ අාර්ථික වේගය 7.4% බව පැවසුවේ 2014 වාර්තාව ඉදිරිපත් කල අර්ජුන් මහේන්ද්‍රන් බව. එය ලංකා ඉතිහාසයේ වැඩිම වරදානයක් පෙන්නු වසරය. (ස)
දේශපාලන කණ්නාඩි දාගෙන රටේ ආර්ථිකය ගැන හිතන්න ගියාම සත්‍යය යටට ගිහින් විකෘතිය ට මිනිස්සු කැමති වෙනවා. ආර්ථිකය බොරුවට පුම්බලා පෙන්නන එක සහ සැබෑ ආර්ථික වර්ධන වේගය යනු එකෙක් නෙමෙයි (ම)
මහබැංකුවට කළ පාඩුවෙ හැටියට මොන වර්ධනයක්ද මහත්තයෝ? (නි)
මේවා ඉතින් අපේම මෝඩ මිනිසුන්ගේ වැඩ නිසා වෙන දේවල් තමයි (නි)
කල් ඇතුව කියපු එක හොඳයි. ඉඳලා ඉඳලා ආණ්ඩුවේ අවසාන කාලේදී ඔය කතාව කිවුවා නම් තමයි අපිට තරු පෙනෙන්නේ. (නි)
වේගය අඩාලවුණේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද? (නි)
බලමුකෝ කරයිද කියලා.(හේ)
වේගය අඩාල වුනේ රුපියල් කෝටි 600 ක් මහා බැංකුවෙන් වංචා කිරීම හේතුවෙන්ද ? (කෞ)
වේගය අඩාලවුණ හේතුව අපිට හිතාගන්න පුළුවන් (නි)
ඉස්සර වගේ ආර්ථික දර්ශකයන් විකුර්ති කරලා පෙන්නුවානම් අපේ අයට සන්තෝසයි. ඇත්ත තත්වය හෙළි කිරීම ගැන ස්තුතියි. මේක තමා අපට ඕන උන යහපාලනය. (කෞ)
රටේ සුදුස්සෝ සිටියදී යාලුමිත්‍රාදීන්ට රටේ වැදගත් තනතුරු බාරදුන්නම ඔහොම ඒවා වෙනවා. (ර)
දන්නා දෙයක් හරියට කරන්න එපැය ප්‍රතිපල ගන්න.(කෞ)
රුපියලේ අගය සීග්‍රයෙන් පහල යනවා. (ර)
පටන් ගත්තෙම කෝටි ගණනක් ගහලනේ (කෞ)
ලබන වසරේ ඔය ටික වත් නැති වෙනවා. ෂුවර්. (ර)
අපි සංතෝස වෙන්න ඔනා,අපේ රටේ ආර්තිකයේ ඇත්ත දැන ගන්න ලැබුනාට. මෝකද පසුගිය රජයකාලේ අපි දැන ගත්තේ ඇත්ත ආර්ථික වර්ධනවෙගය නෙමේනේ.. (කෞ)
අර කියපු ආර්ථික ඔස්තාර්ල ටික කෝ. අර කියන්නා වගේ ලබන අවුරුද්දෙ ඔය ටිකත් නැති වෙනව.අන්තිමට ග්‍ර්‍රිසියට වුන දේ තමයි වෙන්නෙ. (බ)
ඒක තමයි සැබෑ වෙනස! (නි)
අපි නම් හිතුවා ඕවා ඔහොම වෙයි කියලා (නි)
සිරි කියන දේ තමයි මටත් කියන්න තියෙන්නේ (නි)
වෙනසක අරුමය (ර)
අර්ජුන් මහේන්ද්‍රන් කියන්නේ මේ තනතුරට නුසුදුස්සෙකු නොවේ. ආර්ථිකය ගැන නොදාන්නවා නම්, ඇත්තටම නොදන්නා දේවල් දන්නා පුද්ගලයන් වගේ අදහස් දමන එක හොඳ නැහැ නේද? එමෙන්ම රුපියල අවප්‍රමාණය වීම ගැන එහෙම... (නි)
මහේෂ් හොදට ආර්ථික විද්‍යාව දන්නවා වගේ.රටක ආර්ථිකය වට්ටන්න පුළුවන් එකද සුදුසුකම. මේවට තමයි පැරැන්නෝ කියුවේ "කටේ නරිවාදම් රෙද්දපල්ලේ බහිනවා" කියල. (කෞ)
ගිය අවරුදු වල රටේ ආර්තිකය හැදුවේ සාත්තර කාරයොනේ. ඇත්ත පෙන්නනකොට ඇත්ත විස්වාස කරන්න බැරි මිනිස්සු රටේ ඉන්න එක තමා දුක. (කෞ)
මෙහි තිබෙන ප්‍රතිචාර දකින කොට කණගාටු ඇති වෙනවා. ගොඩාක් අය අදහස් දක්වා තියෙන්නේ තරහ හිතේ තියන්. (ර)
නවීන් සහ මනෝ, එතකොට ඩොලර් එක 150 වුණේ සාස්තරය නැති නිසාද, නැත්නම් විකෘති කරලද? (නි)
ඔය කියන ආර්ථික දර්ශන වලට වඩා රුපියලට වෙලා තිබෙන දේ ගැන හිතුවා නම් ඇත්ත තේරෙයි. අවාසනාව කියන්නෙ ආණ්ඩුව මොන දේ කළත් හොඳ පොඩි පැත්තක් හොයාගෙන, ලොකු නරක දෙයක් නොපෙනෙන පිරිසක් අතරින්පතර අදහස් දැමීමයි. (නි)
අපි නම් හිතුාව ඕවා ඔහොම වෙයි කියලා (නි)
හත්මුතු පරම්පරාවම හතරවරම් ගැහිලි ගහලා ලෝකයේ බැංකු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් පුරවපු රටක මොන ආර්ථික වේගයක්ද? (නි)
දැනුත් ආර්ථික ගැහිලි ගහනවා. පෙර තිබුන ආණ්ඩු කරපුවා ගැන කතා කර කර ඉන්න ආණ්ඩුවක් ඕන නැහැ. ගෙවල් වල ඉන්න අයටත් පුළුවන් අතීත ආණ්ඩු වල වැරදි හොයන්න. අපිට ඕන වැඩක් කරන ආණ්ඩුවක්.(කෞ)