IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහ බැංකුවේ 75 වැනි සංවත්සරයට රු.2000 සමරු මුදල් නෝට්ටුවක්

විමුක්ති එස්. රුද්‍රිගු 


සිය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළේය. සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ එම මුදල් නෝට්ටුව සංසරණය සඳහා යොදවන බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව ”‍සෞභාග්‍ය සඳහා ස්ථාවරත්වය”‍ යන 75 වැනි සංවත්සර තේමාවට අදාළව මෙම සමරු මුදල් නෝට්ටුව නිකුත් කෙරිණි. 
මෙය මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ පස්වැනි සමරු මුදල් නෝට්ටුව වේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් නිල වශයෙන් සමරු මුදල් නෝට්ටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පසුගිය 29 වැනිදා පිරිනැමිණි. මෙම මුදල් නෝට්ටුව ලංකාව තුළ ඕනෑම මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වලංගු මුදල් නෝට්ටුවක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

මහ බැංකුවේ 75 වැනි සංවත්සරයට රු.2000 සමරු මුදල් නෝට්ටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site