ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ සී.ජේ.පී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස් කරනු ලැබ තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් මෙම තීරණය ගෙන ඇත. මේ අනුව සී.ජේ.පී සිරිවර්ධන මහතා අගෝස්තු 19 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 31ක අත්දැකීම් ඇති සිරිවර්ධන මහතා ආර්ථිකය, මිල ගණන් ස්ථාවරත්වය, මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ආදිය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි. නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස් වීම් ලැබීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අංශයේ ප්‍රධානි, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, මානව සම්පත්, ප්‍රතිපත්ති නිරීක්ෂණ, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තු යනාදියේ ද තනතුරු හොබවා තිබේ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම තීරණයක්. දක්ෂ අවංක නිලධාරියෙක්. මංගල සමරවීර මහතාට හොද දැක්මක් ඇතිබව පේනවා. සිරිවර්ධන මහතාට සුභ පතනවා.
අවංක, දක්ෂ රජයේ නිලදාරියෙක්. මගේ සුබ පැතුම් !!!!