
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා නොමිලයේ පහසුකම් සැළසීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟළුම් අපනයන ආයතනයක් වන මාස් හෝල්ඩින් (එම්.ඒ.එස්.) ආයතනය ඉදිරිපත්ව සිටියි.
ගාල්ල, මාතර, පානදුර, ගම්පහ, කැලණිය, කඩවත, කිරිබත්ගොඩ, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය, කෑගල්ල, මාවනැල්ල, සඳලංකාව, ගිරිඋල්ල, පන්නල, කුලියාපිටිය, මහනුවර, කුරුණෑගල, මාවතගම සහ කිලිනොච්චිය යන ප්‍රධාන නගර 21 කට බස් රථ මගින් සිසු සිසුවියන්ට ගමනා ගමන පහසුකම් ලබාදෙයි. යුනිචෙලා කොග්ගල (0778014392), යුනිචෙලා පානදුර (0777414103), යුනිචෙලා බියගම (0710950309), සිළුඑටා බියගම (0767194553), තුරුලි තුල්හිරිය (0772485582), ස්ලිම්ලයින් පන්නල (0742154987), ස්ලිම්ටෙක්ස් කුලියාපිටිය (0777507010), ලීනියා ක්ලෝදින් මහනුවර (0769702886), කැෂුවල්ලයින් මාවතගම (0772067035) සහ විදියල් කිලිනොච්ච්ය 0763520932) යන ආයතන ඇමතීමෙන් ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි බව මාස් හෝල්ඩින් සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මාස් හෝල්ඩින්’ සාපෙළ සිසුන්ට නොමිලයේ ප්‍රවාහන පහසුකම් දෙයි