IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මාස දෙකක් ගතවුවත් වරායේ සිරවූ වාහනවලට තවමත් විසඳුම් නෑ

 

  • සිරවී තිබෙන ටොයෝටා යාරිස් මෝටර් රථයකට ලක්ෂ 14 ක ප්‍රමාද ගාස්තුවක් එකතු වෙලා
  • ඉක්මනින් විසඳුමක් නොදුනහොත් වරායවල සිරවී ඇති වාහන ගණන 1000 පසු කරනු ඇති
  • හම්බන්තොට වාරයේ සිරවී තිබෙන මෝටර් රථ සඳහා ගෙවනු ලබන ප්‍රමාද ගාස්තු මෙරට රජයට ලැපබන්නේ නෑ
  • ප්‍රමාද ගාස්තු වාහන ආනයනය කිරීමේ පිරිවැයට එකතුවීමෙන් එම වාහනවල වෙළෙඳපොළ මිල ඉහළට
  • අති විශේෂ ගැසට් පත්‍රය 2013 වසරේදී නිකුත් වුවත් පසුගිය වසර 12 පුරාවට මේ ආකාරයෙන් වාහන මෙරටට ගෙන්වලා
  • හිටිහැටියේ රේගුව එම ගැසට් පතය වැරදි ලෙස අර්ථකථනය කරමින් බලාත්මක කිරීමට තීරණය කරලා

විමුක්ති එස් රුද්‍රිගු


තෙවැනි පාර්ශ්වයේ රටවල බැංකු ණයවර ලිපි විවෘත කර ඇති ජපන් වාහන මුදා හැරීම පසුගිය මැයි 27 වැනිදා සිට රේගුව අත් හිටුවා ඇති බවත් ජපානයෙන් ගෙන්වූ වාහන 500 ක් පමණ මේ වනවිට රේගුව මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කොළඹ සහ හම්බන්තොට වරායවල සිරවී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ පවසති.

තෙවැනි පාර්ශ්වයේ රටක ණයවර ලිපි විවෘත කිරීම හේතුවෙන් කොළඹ වාරයේ සිරවී තිබෙන ටොයෝටා යාරිස් මෝටර් රථයකට ලක්ෂ 14 ක පමණ ප්‍රමාද ගාස්තුවක් එකතු වී තිබෙන බවත් හම්බන්තොට වාරයේ සිරවී ඇති එවැනිම මාදිලියේ මෝටර් රථයක් සඳහා ලක්ෂ 4 ක පමණ ප්‍රමාද ගාස්තුවක් මේ වනවිට එකතු වී තිබෙන බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

තවත් එවැනිම ණයවර ලිපි විවෘත කළ වාහන මෙරටට පැමිණීමට තිබෙන බවත් ඉක්මනින් විසඳුමක් ලබා නොදුනහොත් වරායවල සිරවී ඇති වාහන ගණන 1000 පසු කරනු ඇති බවත් වාහන ආනයනකරුවෝ පැවැසූහ.

හම්බන්තොට වාරයේ සිරවී තිබෙන මෝටර් රථ සඳහා ගෙවනු ලබන ප්‍රමාද ගාස්තු මෙරට රජයට නොලැබෙන බවත් එම ගාස්තු ලැබෙන්නේ චීන රජයට බවත් ඔවුහූ සඳහන් කළහ. මෙම වාහන නිදහස් කරගන්නා දිනය වනවිට එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තු වාහන ආනයනය කිරීමේ පිරිවැයට එකතු වනු ඇති බවත් එම වාහනවල වෙළෙඳපොළ මිල ඉහළ යාමටද හේතුවක් වනු ඇති බවත් වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රය 2013 වසරේදී නිකුත් වුවත් පසුගිය වසර 12 පුරාවට මේ ආකාරයෙන් වාහන මෙරටට ගෙන්වූ බවත් හිටිහැටියේ රේගුව එම ගැසට් වැරදි ලෙස අර්ථකථනය කරමින් බලාත්මක කිරීමට තීරණය කර ඇති බවත් ඔවූහු පැවැසූහ. ජපානයෙන් වාහනයක් ගෙන්වන විට එරට බැංකුවක මුද්‍රාව ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකයේ සහ තත්ව පරීක්ෂණ සහතිකයේ තිබිය යුතු බව රේගුවේ ස්ථාවරය වී ඇති බව ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රේගුව වාහන සිරකර ගෙන සිටින්නේ කිසිඳු ලිඛිත දැනුම් දීමකින් තොරව බවත් වරදක් තිබේ නම් ඒ බව සඳහන් කරමින් ඒ හේතුවෙන් වාහනය නිදහස් නොකරන බවට එම වාහනය ගෙන්වූ ආනයනකරුට ලිඛිතව රේගුව දැනුම් දියයුතු බවත් ඔවූහු පැවසූහ.

මුදල් අමාත්‍යාංශය, ඇතුළු බලධාරීන් ගණනාවක් සමග මේ පිළිබඳව සාකච්ඡා කළත් මාස 2කටත් වැඩි කාලයක් ගතවී තිබුණද තවමත් රජය ඊට විසඳුමක් ලබාදී නොමැති බව වාහන ආනයනකරුවෝ පෙන්වා දුන්හ. නීතිපති දෙපාර්තමේන්තුවටද මේ පිළිබඳ දැනුම් දී තිබෙන බව බලධාරීන් පැවැසුවත් සිදුවන්නේ දිනෙන් දින ප්‍රමාද ගාස්තු එකතු වීමක් පමණක් බවද ආනයනකරුවෝ ප්‍රකාශ කළහ. ඉන් රජයට විශාල ආදායමක් අහිමිවන බවද ඔවූහු පෙන්වා දුන්හ.

තමන් ඉල්ලා සිටින්නේ ණයවර ලිපි විවෘත කර ඇති වාහන නිදහස් කර ගැනීමට ඉඩ ලබාදී පසුව රජයට අවශ්‍ය ආකාරයට එම ප්‍රශ්නගත ගැසට් සංශෝධනය කර ගන්නා ලෙස යැයි වාහන ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කර සිටියේ රජයෙන් මේ පිළිබඳව සහනයක් නොලැබුණහොත් මෙම වාහන නැවත ප්‍රති අපනයනය කිරීමට සිදුවන බවයි. රජය මේ පිළිබඳව සහනයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඉක්මනින් මෙම වාහන සම්බන්ධයෙන් ගන්නා අවසන් තීරණය දැනුම් දෙන බවත් රේගුව ප්‍රකාශ කළේය. එතෙක් මෙම වාහන මෙරට වෙළෙඳපොළට නිදහස් කළ නොහැකි බවද රේගුව පැවැසුවේය. 



අදහස් (0)

මාස දෙකක් ගතවුවත් වරායේ සිරවූ වාහනවලට තවමත් විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17573 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site