(සුජිත් හේවාජූලිගේ)
රටේ සියලු ප්‍රශ්න මතුවී ඇත්තේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි වියත් මග සංවිධානයේ සාමාජිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පැවසුවාය.
යහපාලන ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් බිහි කරනවා යැයි කියමින් බලයට ආවත් පසුගිය මාස තුනේදී පමණක් රටට රැකියා 30,000ක් පමණ අහිමි වී තිබෙන බව කී හේරත් මහත්මිය විදේශ ආයෝජනද දරුණු ලෙස කඩා වැටී ඇතැයි සඳහන් කළාය.
රටේ ආර්ථික අර්බුදය ලෝක තත්ත්වයක් නිසා ඇතිවූවක් යැයි පැවසීම විහිලුවක් බවද ඇය ප්‍රකාශ කළාය.
හේරත් මහත්මිය මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි වියත් මග කාර්යලයේදී අද (07) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.
2025 දෙසැම්බර් මස 04
664
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
546
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාස 3 කදී රටට රැකියා 30,000ක් අහිමි වෙලා
සෙනෙවි Sunday, 07 October 2018 03:38 PM
ඔබතුමියට තිබුණනේ නැව් එන්නැති වරායන් ගුවන් යානා නැති ගුවන්තොටුපල හදන කාලෙදි ඒ සම්බන්ධව නිවැරදි උපදෙස් දෙන්න. එහෙම නැතිනම් හැදුවට පස්සේ වත් බිස්නස් වැඩි කරගන්න උපදෙස් දෙන්න. එයා ලංකා, මිහින් ලංකා ගොඩගන්න උපදෙස් දෙන්න තිබුණනේ.. මේ දැන් තමන්ගේ හෘද සාක්ෂිය විකුණ විකුණ එක එක්කෙනාට කඩේ යන්නේ...
SujithTuesday, 09 October 2018 06:10 AM
ගොන් කතා කීම කලාවක් නම් සෙනෙවි එහි පිකසෝ නෙමෙයි පිකාසෝගෙ තාත්තා යැයි කියන්න පුලුවන්. පාඩු ලබන වරායක් චීනෙ අරන් ඔය යස අපූරුවට ලාබ ලබන වරායක් කරලා තියෙන්නෙ. නැව් එන්නෙ නැහැ කිව්ව වරායට යස අපූරුවට දැන් නැව් එන්නෙ. ලංකාවට ගන්න තිබ්බ ලාබෙ එහෙම් පිටින්ම චීනෙට වික්ක රැලක් තමා රට පාලනය කරන්නෙ.
vipulaWednesday, 10 October 2018 11:27 AM
කටුනායක හදපු කාලෙත් ඔය වගේ කතා කියන අය එකාලෙත් ඉන්න ඇති
Senarath Monday, 08 October 2018 06:47 AM
ඔබතුමියගේ කතාව ඉතාම නිවැරදි....... එක අද ජනතාවටත් හොදටම තේරිල තියෙන්නේ. මුදල් ඇමති කියනවා ඩොලරය රුපියල 200 ඉක්මුවත් බයවෙන්න එපා කියල. අගමැති කියනවා රුපියල බාල්දු වෙන්නේ ඩොලරය ශක්තිමත් වෙන නිසා කියල. මෙහෙම රජයක් රටකට අවශ්‍යද ? රටේ සංවර්ධනය නවතුවාම, ගොවියට දෙන සහනාදාර කපල , රටේ වී අතිරික්තය තියෙන නිසා වී ගොවිතැන අඩුකරන්න ඕනේ කියන රජයකින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද ?
himalMonday, 08 October 2018 08:26 AM
මෙතන වෙන්නේ දැනුම අවභාවිතා වීමක්. ඇදුරුතුමියක වෙන මෙයා දන්නෙ නෑ මේ කියන කරුණ තහවුරු කරන්න සාක්ෂි සපයන්න. මේ නැති වුනේ ටෙන්ඩර් මගඩි කරුවන්ගේ රැකියාද? නීති විරෝධී වැලි,ගල්, සැපයුම්කරුවන්ගෙද? කාගෙද? අනෙක් අතට පොහොර සහනාධාරය කියලා මුදල් දුන්නම් ඒ මුදලින් අරක්කු බීපු එක ආණ්ඩුවක වරදක් නොවෙයි. ඔබ හොයලා බලන්න චීනය ඇයි පසුගිය කාලෙදි තමන්ගේ රෙම්න්ම්බ් ඒකකය අවප්‍රමාණය වෙන්න හැරියේ කියලා.