IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මවුන්ට් ලෝටස් රෝහලෙන් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී සෞඛ්‍ය කඳවුරක්

අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වන මවුන්ට් ලෝටස් රෝහල,  ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්‍ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවට පත්විය.

මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්‍ය කඳවුරේ දී ළමයින් සහ වැඩිහිටියන් 500 කට අධික පිරිසකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාව සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණවලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි පරීක්ෂණයට ලක් වූ ළමයින් අතරින් වැඩිදුර අක්ෂි පරීක්ෂණ අවශ්‍ය වූ ළමයින් පනස් දෙනකු සඳහා මවුන්ට් ලෝටස් රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ගෙන් නොමිලේ අක්ෂි උපදේශන ලබා ගැනීමට අවස්ථාව හිමි වුණි. එදින රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.

මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී. බස්නායක මහතා ප්‍රකාශ කළේ, “පසුගිය වසරේ රෝහල නිල වශයෙන් විවෘත කළ දා සිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්‍රවණ ප්‍රතිකාර ලබාදීමට උත්සාහ කළ බවයි. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවන් සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර සඳහා සිය ගණනක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් පැමිණීම ගැන අපි සතුටු වන බවත් මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබාදීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි.

595



අදහස් (0)

මවුන්ට් ලෝටස් රෝහලෙන් ලෝක ළමා හා වැඩිහිටි දිනයේදී සෞඛ්‍ය කඳවුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site