IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෙල්වා සමාගමෙන් SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට


ශ්‍රී ලංකාවේ වානේ නිෂ්පාදකයන් අතර ප්‍රමුඛයා වන මෙල්වා සමාගම සිය නවතම නිෂ්පාදනය වන මෙල්වා වෙල්ඩින් කූරු පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. SLS 414 ප්‍රමිති සහතිකය ලැබීමෙන් මෙම වෙල්ඩින් කූරුවල විශිෂ්ටත්වය, ගුණාත්මකභාවය හා ඉහළ ප්‍රමිතිය මනාව තහවුරු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සියයට 100ක්ම දේශීයව නිපදවූ වෙල්ඩින් කූරක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්නේ මෙල්වා සමාගමයි. 

මෙම නව වෙල්ඩින් කූරු හඳුන්වා දීමට සමගාමීව පෑස්සුම් ශිල්පීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ජූනි 24 බලන්ගොඩදී පැවැත්විණි. ඊට සහභාගී වූ පෑස්සුම් ශිල්පීන්ට පළමු වරට මෙම නව වෙල්ඩින් කූරු භාවිත කිරීමට අවස්ථාව උදා කර දුන් අතර, එම නිෂ්පාදනයට ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමි විය. භාවිතයේ පහසුව, ආරක්ෂාකාරීභාවය සහ ශක්තිමත්භාවය පිළිබඳව ධනාත්මක ප්‍රතිචාර රැසක් පෑස්සුම් ශිල්පීන්ගෙන් ඉදිරිපත් විය. 

කම්බි සහ ගැල්වනයිස් තහඩු ඉතා ශක්තිමත්ව, දිගු කල් පැවැත්මක් සහිතව, ඉතා සුමට ලෙස පෑස්සීම‌ට පෑස්සුම් ශිල්පීන්ගේ ප්‍රමුඛ තේරීම බවට මෙම නව වෙල්ඩින් කූරු පත් වනු ඇති බව මෙල්වා සමාගමේ විශ්වාසයයි. ජාත්‍යන්තර ප්‍රමිති අනුව ගුණාත්මකභාවයෙන් ඉහළ අමුද්‍රව්‍ය යොදා ගෙන මෙම වෙල්ඩින් කූරු නිපදවන නිසා පරිපූර්ණ නිමාවකින් යුතු පෑස්සුමක් සඳහා මෙම නව නිෂ්පාදනය උපකාර වනු ඇත. 

පෑස්සුම් කර්මාන්තයේ නිරත වන පෑස්සුම් ශිල්පීන්ගේ ආරක්ෂාව සහ වෘත්තීය දියුණුව පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන මෙල්වා සමාගම වැඩසටහන් රැසක් දියත් කර ඇත. 

වෙල්ඩින් ශිල්පීන් සඳහා පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, ඔවුන්ට වෘත්තීය මට්ටමේ පිළිගත් සහතික හිමි කර ගැනීමට අනුග්‍රහය දැක්වීම (ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය), ආරක්ෂක උපකරණ සහ උපාංග පිරිනැමීම ඒ අතරින් ප්‍රධාන වේ. නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් GI බට සහ Box Bar භාවිත කරන ආකාරය සහ ආරක්ෂිතව හා නිවැරැදිව පෑස්සුම් සිදු කරන ආකාරය පිළිබඳව පෑස්සුම් ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ යහ පැවැත්මට ප්‍රබල දායකත්වයක් සපයයි. 



අදහස් (0)

මෙල්වා සමාගමෙන් SLS 414 ප්‍රමිති සහතිකය සහිත වෙල්ඩින් කූරු වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site