( තිළිණි ද සිල්වා )
මෙම වසර තුළදී මිලියන 3ක විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ ඉලක්කය යැයි සංචාරක හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.
“විදේශ විනිමය ඉපයීම සඳහා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් සංචාරක කර්මාන්තය හරහා යැපෙනවා.
මේ වෙලාවේ අපි තමයි ශ්‍රී ලංකාවේ තෙවැනියට විශාල වශයෙන් විදේශ විනිමය උපයන්නා. අපේ ඉලක්කය මේ වසර අවසානයේ දී අංක 2 ට පැමිණීම යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“අවාසනාවන්ත විදියට පසුගිය වසරේ අවසාන මාස 3 දී දේශපාලන අර්බුදකාරීත්වයකට අපට මුහුණ දෙන්න වුණු නිසා අපිට අපේ ඉලක්කය කරා යන්න නොහැකි වුණා.කෙසේ වෙතත් මේ වසරේ දී අපේ අරමුණ සාර්ථක වේවි. මිලියන 3 ක සංචාරක ඉලක්කයක් සමඟින් 2019 වසර නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයිද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයෝ වැසිකිලි යනවා කියලා මේ ඇමති දන්නවාද?
මේ නහින දෙහින කාලේ ඉන්න මේ වගේ අය ට කතන්දර විතරයි කියන්න පුළුවන්. නිර්මාණාත්මක ජාත්‍යන්තර ප්‍රවර්ධන, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙන වැඩ පිළිවෙලවල්, පහසුකම් වැඩිදියුණු කිරිම වගේ දේවල් එකක්වත් පහුගිය අවු 4 ට කලාද? කළා නම් මෙලහකට ඒ ගණන ඇවිල්ලා
එන සංචාරකයන්ට තිබෙන පහසුකම් ගැන මුලින් නොබලා මේ මොන කතාද? සංචාරකයන්ට තියා ලාංකිකයින්ටවත් මහමගක, නගරයක නොමැරී යන්න මගක් තිබෙනවද? පදිකයින්ට යන්න තිබෙන ඉඩකොටසක් වෙන්කර තිබුණොත් එ්කේ ත්‍රී වීල් එකක්, නැත්නම් බික් එකක් යනවා.. නැතිනම් එකදිගට පාර්ක් කරලා මින්සුන් යන්නේ මහා පාරේ.. මේවා මුලින් විසඳන්න...
මොන සැලැස්මක් පදනම් කරගෙනද සංචාරකයින් ගෙන්වන්න හදන්නේ..? මොකක්ද තියෙන සැලැස්ම අපේ රට, කොළඹ නගරය මධ්‍යස්ථානයක් විදිහට ප්‍රවර්ධනය කරන්න.
එහෙනම් හෝටල් කාමර විතරක් වැඩි කරලා වැඩක් නැහැ. ඩෙංගු ඉස්පිරිතාලත් වැඩි කරන්න වෙනවා. එතකොට තවත් ඩොලර් ටිකක් එකතු කරගන්න පුළුවන්...
මොනව කළත් කමක් නෑ... අර උප ඇමතිව ටිකක් මේච්චල් කර ගත්තොත් හොඳයි නේද? නැත්තම් අලි වැඩක් තමයි වෙන්නේ...
දෙක මිලියන තුනක්ද ?
සුළු දෙයක්නේ, චපාති කාරයෝ මිලියන් එකයි, චීන්නු මිලියන් එකයි, පරණ ආපු සුද්දෝ ටිකයි, ඔක්කොම තුන් මිලියන් එකයි.
මාස 3 දේශපාලන, අර්බුදකාරීත්වය ගැනම කියකියා ඉන්නවා මිස මොනවද මේ උන්නැහේ සංචාරක.. කර්මාන්තයේ දියුණුවට කරලා තියෙන්නේ?.. රටට කිසිම ප්‍රයෝජනයක් නැති තවත් එක්කෙනෙක් තමයි මෙයා.
ඔක්කොටම කලින් මෙහෙට එන බවලත් සංචාරකයාගේ හිරි ඔතප් ආරක්ෂා කරගෙන ආපසු යන්න සලස්වන්න. අසහනකාරයන් වැහි වැහලා. සමහර මිනිස්සු හිතන්නේ ඒ විදේශ කාන්තාවන් මෙහෙ එන්නේ ලෝකේ පරණම රැකියාව කරන්න එහෙම නැතිනම් මෙහෙන් සහකරුවකු සොයා ගන්න කියලා. දැනටම අතවර සිද්ධි කියක් වාර්තා වුණාද ? එක මිනිහකු විදේශීය කාන්තාවක් වැසිකිලියට යනකන් ඉඳලා එබිලා බලලා. මොන විලි ලජ්ජා නැති වැඩද ?
ඉස්සෙල්ලාම සංචාරකයන් සූරාකනඑක නවත්වන්න. සීගිරිය ගනන් හින්දා සීගිරිය පාමුලට ගිහිල්ලා හැරිලා යන සංචාරකයෝ කොච්චර ඉන්නවද?
එන්න එන්න... සියල් සපිරි සිරි ලංකාව බලන්න. පිටිපස්සට පොරෝප්ප ගසාගෙන මුත්‍රාශය තම රටේ තබා සිරි ලංකාව නැරඹීමට පැමිණෙන්න....
ගුවන් තොටුපොළේ පස්ස හෝදගන්න අපිට වතුර නැහැ. ඇඹරි ඇඹරි ගැහැණු පිරිමි වැසිකිළියෙන් එලියට එන්නේ.. මේවා දන්නේ නැහැ. සංචාරකයින් ගැන කියනවා අපිට කෝ අර ජේ.ආර්. ගේ කාලේ තිබුණු ගාම්භීරත්වය වැඩ පිලිවෙලවල් අලුත් අලුත් නව නිර්මාණ?
අනිවාර්යයෙන්ම දළඹුවෝ වෙන්නැති ඔය ගෙන්නන්න හදන්නේ...
මොන බොරු කාරයෙක්ද? වැඩ බැරි මේ වයසක මිනිස්සු ගෙදර යවලා වැඩ කරන්න පුළුවන් තරුණ කෙනෙකු මේ තනතුරු වලට පත්කරන්න ඕනේ... සංචාරක කර්මාන්ත දියුණු කරන්න නම්
සංචාරක ව්‍යාපාරය විශාල අවුල් ජාලාවක්.. එක පැත්තකින් කුඩා පරිමාණයෙන් කරන පොඩි හෝටල්වලට මත්පැන් බලපත්‍ර ගන්න බැරි විදිහට විශාල නීතිමලාවක් සහ මුදලක් නියම කරලා තිබෙනවා. ඒවායේ මත්පැන් විකුණන්න වෙලා තිබෙන්නේ සුරාබදු නිලධාරීන්ට , පොලිසියට ජරාව දෙමින් අනිත් පැත්තෙන් පිටරට සුද්දෝ ඇවිත්, ඉන්ටර්නෙට් වලින් තවත් සුද්දෝ 5000-10000 ගෙන්වාගෙන දින 2-3 නොනවතින බීච් පාර්ටි දමාගෙන එක ඇතුලේ, මත්පැන්, කුඩු, පෙති ගසමින් තවත් නොයෙකුත් දුරාචාර කරමින් විශාල ව්‍යවසනයක් කරනවා. පොලිසිය එළියේ ඉඳන් ඒවාට ආරක්ෂාව දෙනවා.
සීගිරියේ වැසිකිලියක් නෑ, උඩට ගිහාම බොන්න පිරිසිදු වතුර ටිකක් නැහැ. වැඩ කරන මිනිසුන්ට කස්ටමර් සර්විස් කියලා දෙයක් උගන්වලා නැහැ. ත්‍රිවීල් කාරයෝ කාක්කෝ වගේ ගසා කන්න හදනවා.