
ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGI) නව කාර්යාලය විවෘත කෙරේ
වසර අවසානය වන විට ඇප රහිත ණය ප්‍රතිලාභීන් 4,000 දක්වා ඉහළ නැංවීම අරමුණයි
මාස 15ක කාලය තුළ ඇපකර පත්‍රිකා 2,000ක් නිකුත් කිරීමට සමත් වෙලා
ලබා දුන් ණය පහසුකම්වල වටිනාකම රුපියල් බිලියන 14කට අධිකයි
භානුක අමරසිංහ
මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරිම සඳහා රජය ඉදිරියේදී සංවර්ධන බැංකුවක් සහ ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය.
ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඇපයක් රහිත ණය ලබා දීමේ පහසුකම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGI - National Credit Guarantee Institution) මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොළඹ, HNB ටවර් හි 7 වැනි මහලේ ස්ථාපිත කරන ලද එහි නව කාර්යාලය ඊයේ (07) නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන ජාතික ණය සුරැකුම් ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ ඇප නොමැති ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරමින් ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමයි. අද වනවිට බලපත්‍රලාභී වාණිජ බැංකු අටක්, බලපත්‍රලාභී විශේෂිත බැංකු දෙකක් සහ බැංකු නොවන මූල්‍ය සමාගම් තුනක් මෙම වැඩසටහන සමගින් එක්ව සිටියි.
“අපි දන්නවා වාණිජ බැංකුවලට තියෙන නීති රීති සහ රෙගුලාසි නිසා අවදානම් ගන්න අමාරුයි. මහජනතාවගේ තැන්පතුවලින් තමයි ඔවුන් අරමුදල් සම්පාදනය කරගෙන තිබෙන්නේ. ඒ නිසා රට ඉස්සරහට යන විට සංවර්ධන බැංකුවක් අනිවාර්යයි. ඒ වගේම ශක්තිමත් සමූපකාර බැංකු පද්ධතියත් අවශ්‍යයි. අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා පෞද්ගලික බැංකුවලට ඉදිරියේදී රජය සමගින් තරගයක් එන බව මම කියන්න කැමැතියි. මේ තරගයට මුහුණ දෙන්න බැංකු මේ ව්‍යවසායකයන්ට අලුත් නිෂ්පාදන ඉදිරිපත් කළ යුතුයි.” ඒ මහතා මෙහිදී පවසා සිටියේය.
03 වැනි පිටුවට....
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd