(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ලබාදෙන දීර්ඝ කරන ලද ණය සහනයේ ඇමරිකානු ඩොලර් මිලියන 167.2ක දෙවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.
දෙවැනි ණය වාරිකය ලබාදීම සම්බන්ධයෙන් දූත පිරිසක් ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබා දී තිබේ.
නව දේශීය ආදායම් බදු පනත මූල්‍ය ඒකග්‍රතාවට සහාය දක්වනු ඇතැයි ද බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ කරන්නැයි ද සමාජ සහ සංවර්ධන වැඩසටහන් සඳහා මූලාශ්‍ර ජනනය කරන්නැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විනිමය අනුපාතයේ නම්‍යශීලිතාව වැඩි කිරීමෙන් සහ විදේශ සංචිත ක්‍රමයෙන් වැඩි කිරීමෙන් ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ තිබෙන අනතුරුදායක තත්ත්වය මඟ හරවා ගැනීමට හැකිවනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ඉකුත් වසරේ ජූනි මාසයේදී මාස 36ක් කාලයක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේය. එහි පළමු වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට හිමි වූ අතර මෙවර අනුමත වූයේ එහි දෙවැනි වාරිකයයි. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 1.5ක ණය මුදල ගැනීමට සමාන්තරව පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වඩාත් කාර්යක්ෂම කිරීමටත් රාජ්‍ය ව්‍යවසාය තුළ ස්වයංපාලනයක් පවත්වාගෙන යෑමටත් අදාළ ප්‍රතිසංස්කරණවලට මාර්තු මාසයේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබිණි.
ණය අරමුදලේ සහාය ඇතිව ශ්‍රී ලංකාව දියත් කරන ලද ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි බව ද සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්ව ස්ථාවර මට්ටමක පවතින බව ද විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව වැඩබලන ප්‍රධානී සහ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂක මිත්සුහිරෝ ෆුරුසුවා මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
302
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකයට අනුමැතිය