IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය මේ සතියේදී අවසන්?

 

  • බදු නිදහස් කිරීම් ලබාදීමේ රාමුව, 2026 අයවැය ගැනත් සාකච්ඡා

විමුක්ති එස් රුද්‍රිගු


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය මෙම සතියේදී අවසන් වීමට නියමිතව තිබෙන බවත් එම කාලයේදී කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් මෙරටදී හෝ ඇමෙරිකාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට හැකියාව පවතින බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති අරමුදල් වැඩසටහන 2027 වසරේ නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය.

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පස්වැනි සමාලෝචනයේදී මීළඟ මාස 12 ඉලක්ක පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එලෙස සාකච්ඡා කළ කරුණු අතර බදු නිදහස් කිරීම් ලබාදීමේ රාමුව, 2026 අයවැය තිබූ බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ලබන වසරේ අයවැය සකස් කිරීමෙන් අනතුරුව එය ජාත්‍යන්තර අරමුදලේ වැඩසටහනට අනුකූලදැයි සොයා බැලීම සඳහා එම අරමුදල ඇගයීමක් සිදුකරනු ඇති බවද ආරංචි මාර්ග පැවැසුවේය.

පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මෙරට වාහන ඉල්ලු‍ම විශාල ලෙස ඉහළ ගිය බවත් වාහන ඉල්ලු‍ම අඩුවීමෙන් පසුවද රජයේ ආදායම නොවෙනස්ව පවතිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය නිවැරදි දිශාවට ගමන් කරන බවත් එය ඉක්මනින් අවසන් විය යුතු බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 

කෙසේ නමුත් බදු නිදහස් කිරීම් ලබාදිය යුත්තේ ඉතාමත් සැලකිලිමත් බවත් ඒ සඳහා වන රාමුව සකස් කෙරෙන පනත් කෙටුම්පත ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇති බවත් ආරංචි මාර්ග පැවැසුවේය. ඒ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව පස්වැනි සමාලෝචනය පිළිබඳව  සලකා බලන අවස්ථාවේදී විමසීමට ලක් කරනු ඇති බවද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය මේ සතියේදී අවසන්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 582 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 499 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 424 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site