IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මැලිබන් සමාගමේ කෘෂිකාර්මික කටයුතුවලට GLOBAL G.A.P සහතිකකරණය

ශ්‍රී ලකාවේ බිස්කට් නිෂ්පාදනයේ පුරෝගාමියකු මෙන්ම වසර 60 කට අධික උරුමයක් හිමි මැලිබන් සමූහයේ කෘෂිකාර්මික අංශය වන මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්‍රි ප්‍රඩක්ට්ස් (පුද්.)සමාගම, මොණරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ඇතිමලේ ප්‍රදේශයේ පවත්වාගෙන යන අඹ වගාව සඳහා GLOBAL G.A.P (Good Agricultural Practices) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වී තිබේ. ‘Maliban Pure Harvest’ සන්නාමය යටතේ මෙම TOMEJC Premium අඹ වෙළෙඳපොළට පැමිණෙන අතර, මෙම ජයග්‍රහණය, මැලිබන් සමාගම තම ව්‍යාපාර කටයුතුවලදී ඉහළම ප්‍රමිති හා තිරසාරත්ව නිර්ණායක අනුගමනය කරන බවට මනා සාක්ෂියකි. 

මෙම සහතිකකරණ ක්‍රියාවලිය කළමනාකරණය කරන ලද්දේ, රටවල් 50 කට අධික සංඛ්‍යාවක මෙබඳු අධීක්ෂණ කටයුතු සිදුකිරීමට බලය හිමි ‘කන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් (පුද්.) සමාගම (Control Union Inspections Pvt) Ltd.] මගිනි. පසුගියදා පැවති උත්සවයකදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක මහතා විසින් මෙම සහතිකය මැලිබන් සමූහයේ සභාපතිනිය වන ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය වෙත පිරිනමන ලදී. 

GLOBAL G.A.P සහතිකකරණය යනු ගෝලීය පාරිභෝගික වෙළෙඳ සමාගම් බෙහෙවින් උනන්දු වන සහතිකරණයකි. එය කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාව සම්බන්ධ විශ්වාසනීය සහතිකයක් ලෙස සැලකේ. එම සහතිකකරණය හිමි වීමත් සමග මැලිබන් සමාගම ලොව තිරසාර හා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රමවේද භාවිත කරන සමාගම් අතරට එක්වන අතර, එමගින් එම සමාගමට සිය නිෂ්පාදන ක්‍රියාවලිය පිරිමැසුම්දායක ලෙස පවත්වාගන්නා අතරම තම නිෂ්පාදන වඩාත් පුළුල් වෙළෙඳපොළක් වෙත යොමුකරවීමට අවස්ථාව ලැබෙනු ඇත. 

“GLOBAL G.A.P සහතිකකකරණය හිමි වීම යනු, අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම පියවරකදීම උසස් ප්‍රමිතිය හා තිරසාරත්වය පවත්වා ගැනීම සඳහා අප දක්වන කැපවීමට මනා සාක්ෂියක්. මෙය අපගේ සන්නාමය සතු ජාත්‍යන්තර පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරන අතරම අපගේ නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් අතර පවතින විශ්වාස අඛණ්ඩව පවත්වා ගැනීමටත් උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.” මැලිබන් සමූහයේ සභාපතිනිය වන ඒ. ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය. 

 



අදහස් (0)

මැලිබන් සමාගමේ කෘෂිකාර්මික කටයුතුවලට GLOBAL G.A.P සහතිකකරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site