IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමැති හමුවක්

පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවූ අවස්ථාව. 


පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර හමුවක් ඊයේ (ජනවාරි 15) පෙරවරුවේ නවදිල්ලියේ දී පැවැත්විණි. එම හමුවට පෙර මොරගොඩ මහතා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිෂ්රි මහත්වරු ද මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇත.

පාත්ෆයින්ඩර් පදනම ඉන්දීය රජය, එරට බුද්ධි මණ්ඩල සහ ස්වාධීන විද්වත් පර් යේෂකයන් සමග නිරන්තර සමාන්තර සම්බන්ධතා පවත්වාගෙන යන අතර, මෙම සාකච්ඡා වට 2015 වසරේ දී පාත්ෆයින්ඩර් පදනම මගින් ස්ථාපිත කරන ලද ඉන්දු ලංකා අධ්‍යයන මධ්‍යස්ථානයේ සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාකාරී වැඩසටහන් අනුව දෙරට අතර සබඳතා තරකරන පර් යේෂණාත්මක අධ්‍යයන වාර්තා සහ ඉන්දියාව ශ්‍රී ලංකාව හා තවත් රටක් සමග ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවණතා සාකච්ඡා කරන තුන් ඈඳුතු සැලසුම් ද නිකුත් කොට ඇත. මෙයට අමතරව කාලීන වැදගත්කමකින් යුතු ආර්ථික, දේශපාලන, ආගමික හා සාහිත්‍ය කෘති ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය කොට පළකිරීමට ද පාත්ෆයින්ඩර් පදනම පියවර ගෙන ඇති අතර, එය දෙරට අතර සබඳතා දියුණු කරන පිළිවෙළක් වශයෙන් දැක්වේ. මිලින්ද මොරගොඩ මහතා මෙම හමුවීම්වල දී ඉන්දු ශ්‍රී ලංකා සබඳතා ඉදිරියේ පොදු කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබේ. 

 



අදහස් (0)

මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් ඇමැති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site