IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මාලදිවයිනේ ආසන්ධා රක්ෂණ ක්‍රමයෙන් මෙරටට ගලා එන මුදල් පහළට

මෙරට රෝහල් තුළ ගාස්තු පිළිබඳ විනිවිදභාවයක් නොමැති විම හේතුවලු‍

භානුක අමරසිංහ

මාලදිවයිනේ ජනතාව වෙනුවෙන් එරට රජය මගින් ක්‍රියාත්මක කරන ආසන්ධා (Aasandha) සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය හරහා ශ්‍රී ලංකාව වෙත ගලා එන මුදල් ප්‍රමාණය සාපේක්ෂව ඉතාමත් අඩු අගයක් ගන්නා බව වාර්තා වෙයි.
විශ්වීය රක්ෂණ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ක්‍රමවේදය හරහා මාලදිවයින් වැසියකුට විදෙස් රටකට ගොස් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව සලසා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක් වූ මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාර කවුන්සිලයේ හිටපු සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා, “අද වනවිට මෙම ආසාන්ධා රක්ෂණය මගින් වසරකට මාලදිවයින් රුපියල් බිලියන 4ක පමණ මුදලක් එරට ජනතාව වෙනුවෙන් වියදම් කරනවා. එය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 270ක්.”
එහෙක් ඉන් ලංකාවට මින් හිමි වන්නේ සියයට 4ක කොටසක් පමණක් බවත්, ඉන් වැඩි ප්‍රමාණය ගලා යන්නේ ඉන්දියාවට බවත් ඒ මහතා පවසයි.
 “මෙරට ක්‍රියාත්මක ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය නිසා මෙම අවස්ථාව අපිට මඟහැරෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය වෙන්නේ රෝහල් ගාස්තු සහ වෛද්‍ය ගාස්තු සඳහා ස්ථාවර මිලක් ඉදිරිපත් කරන ඉන්දියාව වෙත මෙම අවස්ථාව හිමිවීමයි.”
මෙම ආසන්ධා රක්ෂණ වැඩසටහනේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ අහ්මඩ් නාසිම් පසුගියදා මෙරටදී හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු වූ බවත් ඒ මහතා සඳහන් කරයි.
ආසන්ධා වැඩසටහනට අනුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රෝහල් ගාස්තු සහ සේවාවල ගුණාත්මක බව එක සමාන වුවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම ගැටලු‍ව වන්නේ විනිවිදභාවයකින් තොරවීම බව සඳහන් වෙයි. “රෝගීන්ට තමන්ගේ බිල ලැබෙන කම් දන්නේ නෑ තමන්ගේ අන්තිම ගාස්තුව කීයද කියලා, අනපේක්ෂිත වෛද්‍ය ගාස්තු ඊට හේතුවෙලා.“ මෙන්ඩිස් මහතා පවසයි. ඒ අනුව අද වන විට මෙය දරුණු ආර්ථික කරුණක් බවට පත්ව තිබෙන බවත්, මේ හරහා ශ්‍රීලංකාවට වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් මිලියන 270ක පමණ මුදලක් අහිමිවන බවත් ඒ මහතා පෙන්වා දෙයි. “මෙය ශ්‍රී ලංකාව මාලදිවයිනත් සමගින් සිදු කරන අපනයනයේ ආදායම වන ජනපද ඩොලර් මිලියන 135 සහ මාලදිවයිනෙන් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ ආදායම වන ඩොලර් මිලියන 129 ත් අතර එකතුවටත් වඩා වැඩියි.“
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු අවදානයක් යොමු නොකිරීම තේරුම් ගැනීමට අපහසුකරුණක් බවට පත්ව තිබෙන බවද හිටපු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

මාලදිවයිනේ ආසන්ධා රක්ෂණ ක්‍රමයෙන් මෙරටට ගලා එන මුදල් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site