අඛණ්ඩව තෙවැනි දිනයටත් කොටස් වෙළෙදපොළ දර්ශක ඊයේ (ජුනි 17) ගනුදෙනු අවසානයේ දී පහත වැටිණි. පසුගිය දින ගණන තුළ මිල දී ගත් කොටස් ලාබ සහිතව විකිණීමේ උනන්දුව වෙළෙදපොළේ පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ නැවතත් මිල දී ගැනීමට වාතාවරණය සකස් වනු ඇතැයි විශ්වාස කෙරේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,281.95ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 74.24ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,151.74ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 3.74 පසුබැසීමක් සේ වාර්තා වේ. දිනය ආරම්භයේ වර්ධනයක් වාර්තා කළ අතර අවසානයේ දී විකුණුම් ප්‍රවණතා වර්ධනයක් සිදුවිය. අඛණ්ඩ පසුබැසීම එහි ප්‍රතිඵලයකි. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 28,674 කි. සමාගම් 88 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 155 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,810.39ක් විය. කොටස් මිලියන 175.8 ක් හුවමාරු වූ බව දැක්වේ. බගවන්තලාව වැවිලි සමාගම කොටසක් සඳහා රුපියල් දෙකක ලාභාංශ ප්‍රකාශයට පත් කරයි. විදුල් ලංකා කොටසක් රු සියයක් වන ණයකර කොටස් මිලියන පහක් නිකුත්කළ අතර එය අධි ඉල්ලුමක් සහිතව අවසන් වී තිබේ.
සම්පත් රුපියල් මිලියන 422ක්, හේලීස් රුපියල් මිලියන 324ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 251ක්, එල්. බී. ෆිනෑන්ස් රුපියල් මිලියන 214ක්, පීපල්ස් ලීසිං රුපියල් මිලියන 158ක්, හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 130ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 125ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 124ක්, සන්ෂයින් හෝල්ඩිං රුපියල් මිලියන 120ක්, ඕවර්සිස් රියැලටි රුපියල් මිලියන 117ක්, ලංකා මිල්ක් ෆුඩ් රුපියල් මිලියන 114ක්,හේමාස් හෝල්ඩිං රුපියල් මිලියන 111ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 108 ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් 92ක්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් රුපියල් මිලියන 89ක්, එල්.ඕ.එල්.සී. රුපියල් මිලියන 84ක්, සහ කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 75 වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලදී ගැනීම්වලට උනන්දුවිය හැකි පසුබිමක්