IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මුල් මාස නවයේ තේ අපනයනය කිලෝ මි. 198.33ක්

  • මෙම කාලය තුළ තේ අපනයෙන් ලැබුණු ආදායම ඩො.බි. 1.16ක් 

භානුක අමරසිංහ 

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මුල් මාස 09 දී මෙරට තේ අපනයනය තේ කිලෝ මිලියන 198.33 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ අපනයනය කළ තේ කිලෝ මිලියන 182.36 හා සැසඳීමේදී කිලෝ මිලියන 15.97 ක වැඩිවීමක් බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. 

මෙම තේ නැව්ගත කිරීමේ අවස්ථාවේදී (FOB) තේ කිලෝග්‍රෑමයක් සඳහා වන වටිනාකමේ සාමාන්‍ය ජනවාරි සිට සැප්තැම්බර් දක්වා තේ කිලෝග්‍රෑමයක් වෙනුවෙන් රුපියල් 1,754.46ක් (ඇ.ඩො. 5.87ක්) ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී පැවැති රුපියල් 1,773.06 (ඇ.ඩො. 5.81ක්) හා සැසඳීමේදී රුපියල් 18.60 ක (ඇ.ඩො. 0.06ක) අඩුවීමකි. 

ඒ අනුව 2025 වසරේ මෙම කාලසීමාවේදී තේ අපනයනය හරහා රැස් කරගත් ආදායම රුපියල් බිලියන 347.96ක් (ඇ.ඩො. බිලියන 1.16ක්) ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් රුපියල් බිලියන 323.33 (ඇ.ඩො. බිලියන 1.06) හා සැසඳීමේදී රුපියල් බිලියන 24.63 ක (ඇ.ඩො. මිලියන 104.52ක) ඉහළ යාමක් බව සිලෝට් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි. 

මෙහිදී ශ්‍රී ලංකාව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වැඩිම තේ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉරාකය වෙතයි. එය කිලෝ මිලියන 30.07 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ඉරාකය වෙත අපනයනය කළ තේ කිලෝ මිලියන 24.16 හා සැසඳීමේදී කිලෝ මිලියන 5.91ක ඉහළ යාමකි. 

එසේම වසරේ මේ දක්වා කාලය තුළ රුසියාව වෙත තේ කිලෝ මිලියන 16.70ක් අපනයනය කර තිබේ. එහෙත් එය පසුගිය වසරේ සිදුකළ කිලෝ මිලියන 18.45 හා සැසඳීමේදී කිලෝ මිලියන 1.75 ක අඩුවීමකි. තුර්කිය වෙතත් තේ කිලෝ මිලියන 15.26ක් අපනයනය කර ඇති අතර, එය පෙර වසරේ එම කාලයේ සිදුකළ කිලෝ මිලියන 13.41 හා සැසඳීමේදී කිලෝ මිලියන 1.85ක වැඩිවීමකි. 

මීට අමතරව එක්සත් අරාබි එමීරය වෙත පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ සිදු කළ කිලෝ මිලියන 17.50ක් වූ තේ අපනයනය මේ වසරේ කිලෝ මිලියන 14.28ක් දක්වා කිලෝ මිලියන 3.22 කින් පහත වැටී තිබේ. ඉරානය වෙත සිදුකළ තේ අපනයනයද පසුගිය වසරේ වාර්තා කළ කිලෝ මිලියන 8.16 සිට මේ වසරේදී මිලියන 9.05 ක් දක්වා කිලෝ මිලියන 0.89කින් ඉහළ ගොස් ඇතැයිද සිලෝට් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි.



අදහස් (0)

මුල් මාස නවයේ තේ අපනයනය කිලෝ මි. 198.33ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site