
සියලු කොටස් මිල දර්ශකය සියයට 32 කින් ඉහළට
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් දර්ශකය ඒකක සියයට 25 කින් ඉහළට
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 ක මට්ටමේ සිට අගෝස්තු මාසය අවසන් වනවිට පැවැති ඒකක 21,000 ක මට්ටම දක්වා සියයට 32 කින් ඉහළ නැග ඇති අතර, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් සියයට 25 කින් ඉහළ ගොස් තිබේ.
මෙහිදී මූලිකවම ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමග දේශීය ආයෝජකයන් තුළ පැවැති සුබවාදී අපේක්ෂා, හිතකර සාර්ව ආර්ථික තත්වය සහ ආයතනික ඉපැයීම් ඉහළ යෑම මෙම වර්ධන ප්‍රවණතාවට දායක වී තිබෙන බව මහ බැංකුව නිකුත් කළ 2025 මූල්‍ය ස්ථායිතා විවරණය තුළ සටහන්ව තිබේ.
“විශේෂයෙන්ම සිල්ලර අංශයේ කර්මාන්තවල කාර්යසාධනය ශක්තිමත්ව පැවතීමත් මීට හේතුවක් විය.”
මේ අතර අගෝස්තු මාසය අවසන් වනවිට වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද රුපියල් බිලියන 7,425.50 ක අගයක් බවට පත්ව තිබුණි. එසේම කොටස් මිල එහි පොත් අගයට ඇති අනුපාතය (PBV - Price to Book Value Ratio) 1.4 ක් ලෙස එම අනුපාතයෙහි දිගුකාලීන සාමාන්‍යයට ආසන්න අගයක් දක්වා ඉහළ යාම සිදුවිය. මීට අමතරව කොටස් මිල ආයතනික ඉපැයීම් අතර අනුපාතය (PER – Price to Earning Ration) 9.8 ක් ලෙස මධ්‍යස්ථව වර්ධනය වී තිබේ.
“කෙසේ වෙතත් එම අනුපාතය දිගුකාලීන සාමාන්‍යයට සහ කලාපීය රටවල්වලට වඩා පහළ අගයක පැවතුණි. එහෙත් ආයතනික කාර්යසාධන තිරසාරව පවත්වා ගැනීමෙන් වෙළෙඳපොළ වර්ධනය සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව මින් පෙන්නුම් කරයි.”
මේ අතර වෙළෙඳපොළ සංවර්ධනය සඳහා නව ප්‍රාග්ධන ගලා ඒම් ආකර්ෂණය කරගැනීමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරමින් ශුද්ධ විදේශීය ගලා ඒම් පහත වැටීමක් සිදුව තිබෙන බවත් මහ බැංකුව සඳහන් කර සිටියි.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුල් මාස අටේදී කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක්