කොළඹ කොටස් වෙළෙදපොළ ගනුදෙනුවල දී දර්ශක දුර්වල වන ස්වභාවයක් ආරම්භයේ දී පෙන්නුම් කරන ලද නමුත් පසුව වර්ධනයක් සනිටුහන් කළේය. පසුගිය දිනවල මිල දී ගත් කොටස් විකුණා ලාබ ඉපැයීමට උත්සාහ කරන ලද බව නිරීක්ෂණය කළහැකි වූ නමුත් කොටස් සඳහා තිබුණ ඉල්ලුම හේතු කොටගෙන විකිණීමේ ප්‍රවණතාව පාලනය විය. අද සතියේ අවසන් ගනුදෙනු දිනයේ පවා මිශ්‍ර ස්වභාවයක් පවතිනු ඇත. මධ්‍ය හා දීර්ඝ කාලීන ගනුදෙනු සඳහා අවස්ථාවක් තිබේ. තෝරාගත් සමාගම්වල කොටස් සඳහා කෙටි කාලීන ආයෝජන වශයෙන් මුදල් යෙදවීමට ද අවස්ථාවක් ඇත.
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,434.94 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 81.89 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,186.78 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 27.12 ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 33,311 ක් වාර්තා වූ අතර සමාගම් 154 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 94 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 5,595.58 ක් විය. කොටස් මිලියන 222.0 ක් හුවමාරු වූ බව දැක්වේ.
මාරවිල ශත දහයක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇති අතර සීගිරිය විලේජ් රු.තුනක, බේරුවල රිසෝට් ශත දහයක වශයෙන් ද ලාභාශ නිවේදනය කර තිබේ. හේමාස් හෝල්ඩිං රු. මිලියන 218 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රු. මිලියන 205 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 198 ක්, එල්.බී. ෆිනෑන්ස් රු. මිලියන 191 ක්, ඩිප් ප්‍රඩක්ට් රු. මිලියන 191 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 183 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 177 ක්, ස්විස්ටෙක් රු. මිලියන 165 ක්, ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වූ අවස්ථා වශයෙන් සටහන්ය.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුල් භාගයේ පසුබෑම පසුව අනාවරණය කරගනී