IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිල දී ගැනීමේ උනන්දුව තවදුරටත් ආරක්ෂා කරගැනේ

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දත්ත සලකා බලන පසු ඊයේ දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව සියයට 61.5 ක වැනි ඉහළ ප්‍රතිශතයක පැවැතිණ. පසුගිය සැප්තැම්බර් මාසයේ මැද භාගයේ සිට අවසානය දක්වා අඛණ්ඩව වෙළෙඳපොළ දර්ශක වර්ධනයක පසුවිය. ඔක්තෝම්බර් අලුත් මාසය තුළ නැවුම් අපේක්ෂා ඇතිකරමින් තිබේ. 
ණයකර සහ වරණීය කොටස් නිකුතු අවස්ථාවල ඉතා හොඳ ඉල්ලුමක් පසුගිය මාස හය තුළ පැවැති අතර එය ඉදිරියේ දී තවත් තහවුරු වනු ඇතැයි සැලකේ. මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවතින අතර කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් ලබාගත හැකි ප්‍රතිලාභ සලකන පසු මෙම තත්වය අඛණ්ඩව පැවැතිය හොත් ඉදිරි මෙම මාසයේ මුල් සතිය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 ඉක්මවීමට පසුබිමක් නිර්මාණය වී තිබේ. ඊයේ (සැප්. 30) ගනුදෙනු අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,781.08 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 104.78 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,127.65 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 8.44 ක ඉහළ යාමක් සේවාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.72 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,674 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 154.78 ක් විය. සමාගම් 147 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. දිනයේ ගනුදෙනු අවසන් වන භාගයේ දී මිල දී ගැනීමේ උනන්දුව ස්ථාවර භාවයකට පැමිණි ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් මිල දී ගත් කොටස් විකිණීමට ආයෝජන අංශ ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය. 
ප්‍රාග්ධන භාණ්ඩ, වාණිජ සේවා, ගෘහ නිෂ්පාදන, සන්නිවේදන සේවා, සහ පාරිභෝගික ද්‍රව්‍ය යන ක්ෂේත්‍රවල කලින් දිනයේ පිබිදීම තරමක අඩුවීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම සතිය පුරා විදේශ ආයෝජන අංශවල විකිණීමේ ප්‍රවණතාව ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වූ අතර එම කොටස් දේශීය සුළු හා ආයතනික ආයෝජකයන් අතට පත්ව තිබේ. 
නිරීක්ෂක



අදහස් (0)

මිල දී ගැනීමේ උනන්දුව තවදුරටත් ආරක්ෂා කරගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site