IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මොරිසන් වෙතින් හෘද රෝගවලට නව ඖෂධ පෙළක් වෙ​ෙළඳපොළට

  • බෙහෙත් වර්ග දෙකක් ලංකාවේ නිපදවන්නේ ප්‍රථමවරට
  • උසස්ම තත්වයේ ​ඖෂධ 
  • සහනදායී මිලකට ලබාදීමට අරමුණක්

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින් ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban  ටැබ්ලට් (මිලිග්‍රෑම් 10 සහ 20) සහ  Bisoprolol  ටැබ්ලට්  (BP මිලිග්‍රෑම් 2.5 සහ 5) මෙලෙස හඳුන්වා දී ඇති අතර මේ සියල්ල පෙති 30ක ඇසුරුම්වලින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. 
 Cilnidipine සහ Rivaroxaban ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබන්නේ ප්‍රථම වරට වන අතර, ඒවා හෝමාගම පිහිටි මොරිසන් සමාගම සතු අතිනවීන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කෙරේ. 
නව හෘද රෝග නිවාරණ ඖෂධ එකතුවට අධි රුධිර පීඩනය සඳහා භාවිත කරන 4th Generation calcium channel blocker වර්ගයක් වන CilniMor (Cilnidipine), Cardio-selective beta blocker  වර්ගයක් වන BisoMor (Bisoprolol)  සහ Direct factor Xa inhibitor anticoagulant  වර්ගයක් වන RivoMor (Rivaroxaban) ඇතුළත් වී ඇත. මේ සියලුම නිෂ්පාදනවල තත්වය හා ප්‍රමිතියල නිර්දේශිත තත්ව පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ.
මෙම ඖෂධ නිල වශයෙන් එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් මොරිසන් සමාගම විසින් විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබිණි. “Touching More Hearts”  යන තේමාව යටතේ 2025 පෙබරවාරි 26 වැනි දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති මෙම උත්සවයට මෙරට සෞඛ්‍ය සේවා හා සම්බන්ධ ප්‍රමුඛ පෙළේ නිලධාරීන් රැසක් සහ වෛද්‍යවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරයෙක් සහ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සහභාගී වූ සංවාදමය වැඩසටහනක්ද පැවැත්වුණු අතර, එහිදී මෙම නව ඖෂධ පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධවද සාකච්ඡා කරන ලදී 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මොරිසන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා මෙසේ පැවසීය. ‘අප නිෂ්පාදනය කරන සෑම ඖෂධයක් පිටුපසම, අප මත විශ්වාසය තබන පුද්ගලයකු සිටින බව අපි දනිමු. ඒ නිසා මෙය හුදෙක් ව්‍යාපාරයක් පමණක් නොව, ඉන් ඔබ්බට ගිය මහඟු වගකීමකි. 
උසස්ම තත්වයේ ඖෂධ සහනදායි මිලකට ලබාදීම යන මෙහෙවරට සමගාමීව, වෙළෙඳපොළේ පවතින මිලගණන්වලට වඩා අඩු මිලගණන් යටතේ ඖෂධ පාරිභෝගිකයන් වෙත ලබාදීමට මොරිසන් සමාගම සෑම විටම උත්සාහ කරයි. මෙමගින් රෝගීන්ට වසරකට රු. 30,000/- කට වැඩි මුදලක් ඉතිරි වන ඇති අතර, රටේ වැඩි පිරිසකට මෙම අත්‍යවශ්‍ය ඖෂධ මිලදීගැනීමේ හැකියාව ලැබෙනු ඇත. 
මීට පෙර දියවැඩියාව සඳහා භාවිත කරනEmpaMor (Empagliflozin  මිලිග්‍රෑම් 10 සහ 25 පෙති) හඳුන්වා දීමට මොරිසන් සමාගම පියවර ගත් අතර, වසර 2 ක් තුළ එය වෙළෙඳපොළේ වැඩියෙන්ම අලෙවි වන Empagliflozin ඖෂධ වර්ගය බවට පත් විය. 
ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන් මෙරට ඖෂධ ඉල්ලුම දේශීයව සපුරාගැනීම සඳහා වඩාත් පුළුල් දායකත්වයක් දැක්වීම මොරිසන් සමාගමේ අරමුණ වී තිබේ. හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) හි අනුබද්ධ සමාගමක් වන මොරිසන්, ශක්තිමත් පදනමකින් යුක්ත වේ. දේශීය අවශ්‍යතා හොඳින් හඳුනන මොරිසන් සමාගම, විශ්වාසනීයත්වය සුරකිමින් නවීනතම ඖෂධ උසස්ම ප්‍රමිතියෙන් යුතුව සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබාදීමට කැප වී සිටී.

 



අදහස් (0)

මොරිසන් වෙතින් හෘද රෝගවලට නව ඖෂධ පෙළක් වෙ​ෙළඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site