ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රයේ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමග කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි.
මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි. මාරියෝ එම තනතුරට පත් වීමත් සමග ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කොකා-කෝලාහි වර්ධනය, නවෝත්පාදනය සහ ප්‍රජාව කෙරෙහි වන බලපෑම ඉහළ නැංවීම සඳහා බෝතල් කිරීමේ නියෝජිතායතන සහ බාහිර පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කරනු ඇත.
එසේම මෙහිදී තිරසාර සංවර්ධනය, නවෝත්පාදනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මාරියෝ බලාපොරොත්තු වෙයි. තවද සමාගම මගින් හඳුන්වා දී ඇති බීම වර්ග තවදුරටත් වෙළෙඳපොළේ පුළුල් කිරීම, දිනෙන් දින වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන නව නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා සංවර්ධනය සඳහා කොකා-කෝලා හි කැපවීම ශක්තිමත් කිරීම වෙනුවෙන් බෝතල් කිරීමේ නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද මාරියෝට හැකි වනු ඇත.
2018 වසරේදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය අලෙවිකරණ කළමනාකරු ලෙස මනා පළපුරුද්දකින් යුතුව කොකා-කෝලා සන්නාමය සමග එක් වූ මාරියෝ විවිධ බීම කාණ්ඩවල සන්නාම උපායමාර්ග හා ප්‍රචාරණ මෙහෙයුම් හි පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. එහිදී සන්නාමයෙහි පිළිගැනීම ඉහළ නංවමින් වැඩි පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කළ ඒ මහතා වෙළෙඳපොළ තුළ ස්ථාවර ව්‍යාපාර වර්ධනයක් ලබා දීමටද කටයුතු කරන ලදී.
පසුගියදා මධ්‍යම හා නැගෙනහිර කලාපයන්හි අලෙවිකරණයේ පෙරමුණ ගනිමින් ඉන්දියාවේ සහ නිරිත දිග ආසියාවේ (INSWA) ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරුවලද කටයුතු කර ඇති මාරියෝ නිෂ්පාදන ඉහළ නැංවීම, ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දීම සහ බෝතල් කිරීමේ නියෝජිතවරුන් සමග සමීපව කටයුතු කිරීමද විශේෂත්වයකි. තවද කලාපීය වැඩසටහන් සහ නවෝත්පාදන ව්‍යාපෘති කළමනාකරණය කිරීම, වෙළෙඳපොළ හරහා මහා පරිමාණ අලෙවිකරණ හා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ වැඩසටහන් මෙහෙයවීමට කටයුතු කළ මාරියෝ කොකා-කෝලා සන්නාමය පාරිභෝගිකයන් අතර සුවිශේෂී සන්නාමයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාරියෝ පෙරේරා ලංකාවේ - මාලදිවයිනේ Coca-Cola මුල් පුටුවට