IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්

මාර්තුවේදී ජංගම ගිණුමේ ශේෂය ඩො. මි. 459.5 ක්
2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 76.8 ක වර්ධනයක්
ජනවාරි සිට මාර්තු දක්වා ජංගම ගිණුමේ ශේෂය ඩො.මි. 948.9 ක්
වෙළෙඳ භාණ්ඩ හිඟය ඩො.මි.396 ක්
මාර්තුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩො.මි. 1,242 ක්
ආනයන වියදම ඩො.මි. 1,637.3 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය පසුගිය මාර්තු මාසයේදී අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
පසුගිය මාර්තු මාසයේදී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 459.5 ක් වූ අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 76.8 ක වර්ධනයකි. පසුගිය වසරේ මාර්තු මස මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 259.9 ක් ලෙස සටහන් විය.
අඛණ්ඩව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කළ තෙවැනි මාසය මෙය වන අතර එයට ප්‍රධාන වශයෙන් විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ප්‍රේෂණ ලැබීම් ඉහළ යාමට හේතු වී ඇත.
එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලයේ මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 948.9 ක් ලෙස සටහන් වී තිබූ අතර එය පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සටහන් වූ ජංගම ගිණුම් ශේෂයට සාපේක්ෂව සියයට 30.4 ඉහළ යාමකි. පසුගිය වසරේ ජනවාරි සහ මාර්තු මාසය දක්වා අතර කාලයෙහි මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 727.6 ක් විය.
මෙම වසරේ මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 396 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව හිඟය වර්ධනය වීමකි. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 359 ක් විය. කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 411 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය සුළු වශයෙන් පහළ ගොස් ඇත.
අපනයන මිල පහත වැටීමට වඩා වැඩි වේගයකින් ආනයන මිල ගණන් පහත වැටීම නිසා වෙළෙඳ මිල අනුපාතය මාසය තුළ සුළු වශයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කර තිබේ. 
පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,219.4 ක් ලෙස වාර්තා වූ මෙරට වෙළෙඳ භාණ්ඩ හිඟය මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,539.6 දක්වා වර්ධනය වී තිබේ.
මෙම වසරේ මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,242 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 ක වර්ධනයක් විය. පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1148.5 ක් විය.
එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,347.4 ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 5.3 ක වර්ධනයක් වූවේය. 
මෙම වසරේ මාර්තු මාසයේදී මෙරට ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,637.3 ක් වූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.6 වර්ධනයක් විය. එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,887 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව සියයට 11.1 වර්ධනයක් වූවේය. පසුගිය වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 4,397.9 ක් ලෙස සටහන් විය.
විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 693 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 21.1 ක් වර්ධනයක් විය. එසේම ඉතිහාසය තුළ මෙතෙක් මාර්තු මාසයක විදේශයන්හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ වැඩිම ඩොලර් ප්‍රමාණයද මෙය වූවේය.

 



අදහස් (0)

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site