සියයට සියයක් දේශීය සමාගමක් ඖෂධ අපනයනයට එක් වූ මුල් වතාව
ඇණවුමේ වටිනාකම ඇ.ඩො. මිලියන 3ක්
තවත් බොහෝ රටවලින් ඉල්ලුම
ආදායම ඇ.ඩො. මිලියන 10දක්වා ඉහළ නැංවීමට අපේක්ෂාවක්
කර්මාන්ත ශාලාව පුළුල් කිරීමටත් පියවර
ආනයන ආදේශක නිෂ්පාදනයට BOI දිරි ගැන්වීම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපයේ පිහිටි යාදෙන් ලැබොරේටරීස් (Yaden Laboratories) පෞද්ගලික සමාගම වසර 3ක කාලයක සිට මෙරට අවශ්‍යතා සඳහා ඖෂධ නිෂ්පාදනය කරන අතර එම සමාගම ඖෂධ අපනයනටයද එක් වෙමින් ප්‍රථම වතාවට සැම්බියාවට මෙරට නිෂ්පාදිත දියර එන්නත් (Liquid Injectable) අපනයනය ඊයේ (03) ආරම්භ කෙරිණි.
ශල්‍ය කර්ම සඳහා භාවිත කරන එන්නත් මෙම අපනයනය සඳහා නිෂ්පාදනය කෙරුණු අතර එම ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කි. දේශීය සමාගමක් විසින් මෙරට නිෂ්පාදිත ඖෂධ ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
යාදෙන් සමාගමේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් ශෂිමාල් දිසානායක මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අප සමාගම ගුණාත්මක බවින් ඉහළ ඖෂධ නිෂ්පාදනය සාර්ථකව සිදු කරනවා. මේ වනවිට මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එන්නත් මිලියන 6කට වැඩි ගණනක් දේශීය වශයෙන් සපයා තිබෙනවා. මීට අමතරව තවත් ඖෂධ ගණනාවක් අප සමාගම නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදනද තත්වයෙන් හා ගුණාත්මක බවින් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුයි.
යාදෙන් සමාගමට මේ වනවිටත් සෝමාලියාව, අසර්බයිජානය, යුරෝපා හා ආසියානු රටවලින් ඇණවුම් ලැබී ඇති බවත්, ඉදිරියේදී මෙම රටවලටද තම නිෂ්පාදන අපනයනය කරන බවත් ඒ තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආදායමක් අපේක්ෂා කරන බවත් ශෂිමාල් දිසානායක මහතා සඳහන් කරයි.
ලැබෙමින් පවතින ඇණවුම් ඉහළ යාමත් සමග තම කර්මාන්ත ශාලා පුළුල් කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක ආයෝජනයකින් කර්මාන්තශාලා පුළුල් කිරීමටද අපේක්ෂා කරන බව යාදෙන් සමාගම පවසයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපනයන ආදායම ඉහළ නැංවීමට කටයුතු කරන අතරම ආනයන ආදේශක නිෂ්පාදනයටද ආයෝජකයන් උනන්දුවක් දක්වන බව කටුනායක ආයෝජන කලාපයේ අධ්‍යක්ෂ රන්ජන් සිබේරා මහතා පවසයි. මෙම සමාගම දේශීය ඖෂධ අවශ්‍යතාව සපුරාලීමට දායකත්වයක් දක්වනා මෙන්ම, අපනයන ආදායමද ඉහළ නැංවීමට දරන දායකත්වය අගය කළ යුතු බව සිබේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මෙරට නිෂ්පාදිත ඖෂධ ලෝක වෙෙළඳපොළට - ප්‍රථම තොගය සැම්බියාවට