IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාර්ක්ස්පෙන් නවතම ප්‍රදර්ශනාගාරය දඹුල්ල නව නගරයේ දී

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය සිය නවතම ප්‍රදර්ශනාගාරයක් දඹුල්ලේ දී විවෘත කළේය. දඹුල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ, සමූහ අලෙවිකරණ ප්‍රධානී අමල්ක මැණික්කඩවර සහ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සංවර්ධන සහ අලෙවිකරණ අංශ ප්‍රධානී ක්‍රිෂේන්ද්‍ර බණ්ඩාරණායක යන මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ ද සහභාගී වූහ. මෙම ප්‍රදර්ශනාගාරය අංක 267, කුරුණෑගල පාර, දඹුල්ල යන ලිපිනයේ පිහිටා ඇත.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවිකරණ ප්‍රධානී අමල්ක මැණික්කඩවර මහතා එම අවස්ථාවට එක් වෙමින් පවසා සිටියේ “මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, තාක්ෂණය හරහා වෙනසක් ඇති කරමින් ලාංකීය ව්‍යවසායකයන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ජාතික ආර්ථිකයට ශක්තියක් වීමට අප කැපවී කටයුතු කරමින් සිටිනවා”‍ යනුවෙනි. 
දඹුල්ල නව නගරයේ ආරම්භ කරන ලද මෙම නවතම ප්‍රදර්ශනාගාරය හරහා මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම සතු සියලු‍ම වර්ගයේ නිෂ්පාදන සහ සේවා ගැනුම්කරුවන්ට හා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම හා පහසු මිලක් යටතේ ලබා ගත හැක. 
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම, නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. 
මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම විසින් සිදු කරයි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ‘Smart Agriculture’ සංකල්පය හරහා DOMA CTP 20  ඇතුළු ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර මාදිලි රැසක් මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදු කරනු ලබයි. 
මෙයට අමතරව වී වියළීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදී යන්ත්‍රසූත්‍ර සඳහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.



අදහස් (0)

මාර්ක්ස්පෙන් නවතම ප්‍රදර්ශනාගාරය දඹුල්ල නව නගරයේ දී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site