චීනයේ දැවැන්ත ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන මෙයිසු ශ‍්‍රී ලංකාවේ අලෙවිය දැන් ආරම්භ කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ සහ මීගමුව යන ප‍්‍රදේශවල මෙයිසු දුරකථනයේ බේදාහැරීම් මේ වන විටද ආරම්භ කර ඇති අතර ඉතා නුදුරේදීම දිවයින පුරා ව්‍යාප්ත කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජංගම දුරකථන සැපයුම්කරුවෙකු වන සෙල්සිටි ලංකා සමාගම ලොව උසස්ම තාක්‍ෂණයෙන් හා කි‍්‍රයාකාරිත්වයෙන් යුත් මෙයිසු ස්මාර්ට් ෆෝන් ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ජනතවට හඳුන්වා දීමට පියවර ගත්තේය. මෙහි සුවිශේෂත්වය වන්නේ ලෝහ නිමාව සහ එම් ටච් තාක්‍ෂණය ම`ගින් ඇඟිලි සලකුණ හඳුනාගෙන දුරකථනය සඳහා ආරක්‍ෂාව ලබාදීමයි.
2003 නිෂ්පාදනය ආරම්භ කළ මෙයිසු ජංගම දුරකතනය ලොව පුරා රටවල් 40ක ලක්ෂ 250 පමණ අලෙවි කර තිබේ. චීනයට ප‍්‍රථමවරට ස්මාර්ට් ෆෝන් දුරකථනය හඳුන්වාදීමට පුරෝගාමී වු මෙයිසු අද වන විට සමස්ත චීනය පුරා අලෙවි 10,000 කට අධික සංඛ්‍යාවක් දුරකථනය අලෙවි කරයි.
මෙයිසු ස්මාර්ට් ෆෝන් නිෂ්පාදන වර්ග තුනක් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත. මේ ජංගම දුරකථනය සඳහාම භාවිතා කෙරෙන වැඩිදියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයේ ස්ථාවර හා වේගවත් භාවය අතින් සුවිශේෂ වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ මේ වැඩේ ඉන්දියවෙන් කරගන්න හිතුවේ නැත්තේ? (නි)
කරුණාකර හොඳ ඒවා පමණක් ගෙන්වන්න. මම චීනයේ මිතුරෙක් නිසා දන්නවා, එහේ ඉතා අනර්ඝ තත්වයේ ෆෝන් තිබෙනවා. අපේ ව්‍යාපාරිකයින් අඩු මුදලට බාල වර්ග ගන්නා නිසා මිනිස්සු හිතන්නේ චින ෆෝන් හොඳ නැහැ කියලා. ඔබගේ ව්‍යාපාරයට හොඳක්ම වේවා! (නි)