
මෙරට ඉතිහාසයේ පළමු වරට වයිරස නාශක මයික්‍රෝ සහ නැනෝ අංශුවලින් සමන්විත මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහචාර්යවරු ඇතුළු කණ්ඩායමක් සමත්ව සිටිති.
එම මුඛ ආවරණය අද (2) වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිළිගැන්වීය.
මෙම නව මුඛ ආවරණය විෂබීජ නාශක පෙරණයකින් සමන්විත අතර ඊට අමතරව තවත් පෙරණ දෙකක් ද එයට ඇතුළත් ය. සේදුම්වාර 20ක් දක්වා භාවිත කළ හැකි මෙම පෙරණය කිසිදු සේදීමකින් තොරව මාසයක කාලයක් සඳහා භාවිත කළ හැකි යැයි ද පැවසේ.
වයිරස අංශු වෙන් කරවා එය කිසිදු ආකාරයකින් ශරීරගත වීමකට ඉඩ නොතබමින් වයිරසය විනාශ කිරීම මෙමඟින් සිදු වන අතර මුඛ ආවරණ නිපදවීම සඳහා භාවිතා කරන රෙදි වර්ග සඳහා ද සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම්වල කොලරය, අත් දෙකෙහි මැණික් කටුව ආශ්‍රිත ආවරණ සඳහා ද මෙම තාක්ෂණය යොදාගත හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වාදෙයි.
එමෙන්ම වායු සමීකරණ යන්ත්‍ර සඳහා පෙරණයක් වශයෙන් යෙදිය හැකි මෙම වයිරස නාශකය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පෙන්වා දුන් කරුණු අනුව මෙම නිෂ්පාදනය දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොල සඳහා අපනයනය කිරීමේ ධාරිතාවයක් දක්වා වැඩිදියුණු කළ යුතු ක්‍රමවේද පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය ගාමිණි රාජපක්ෂ, කණ්ඩායම් සාමාජිකයන් වන වෛද්‍ය චමින්ද හේරත්, ගයාන් තිලකරත්න සහ රුවන් නානායක්කාර සහ දේශීය ඇඟළුම් සංසදයේ සභාපති හේමන්ත කුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට නැතත් ඉහළම ගණයේ මුඛ ආවරණයක් සදාකාලිකවම පැළදවිය යුතු කෙනෙක්...
පර්යේෂණ මහාචාර්ය තුමා ඇත්ලු කන්ඩායමේ අප්‍රහිත උත්සාහයට මුලු මහත් මානව වර්ගයේම උපහාරය පිදේ. ඒත් රටේ බහුතරයක් ජනතාව පරිභෝජනය කහ මේ භූමියේ වැවේනතුරු තහනම් කර ඒ වෙනුවට කූට ව්‍යාපාරකයයි, රටවැසියන්ටයි ඩයිවර්ග විකුණද්දී රටේ සහල් අතිරික්තයක් තිබියදී වගේම සහල් පර්යේෂණ ආචාර්‍යවරු බාස්මතී වෙනුවට කීරීසම්බා නිපදවා තිබියදී බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකා හදන ඇමැට්ටකුට මෙවන් අති විශිෂ්ට පර්යේෂණයක් පුද කිරීම සුන්කයකුගේ පුටුපස මී පැණි බැදීමක් වැන්නකුයි මට සිතේ... ගරු පර්යේෂණ උතුමන්ලාට මින් යම් සිත්තැවුලක් වේ නම් සමාජ භජනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.
දැනට තියෙන එකවත් දන්නේ නැති මිනිස්සු ඔක දායිද?