IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැයි මුල් දින කිහිපයේ බිස්නස් හොඳයි

නාවින්න සිලෝනි බාර්ත්වෙයාර් හිමිකරු  ආර්. මොහොමඩ්


සිහින නිවසක්, තමාගේම කියා ව්‍යාපාරයක් යනු සෑම කෙනකුගේම හිතේ ඇඳි තිබෙන ආවේණික සිතුවමකි. ගෘහ අභ්‍යන්තර අලංකරණය යනු අවකාශයක ගුණාත්මක බව වැඩි කිරීමයි. මෙහිදී අවකාශය වශයෙන් සලකනුයේ කාමරයෙහි බිත්ති හතරට සීමාවන හා සිවිලිම, පොළොව යන කොටස් හය වටාවන සම්පූර්ණ ප්‍රමාණයයි. එම අවකාශයේ අලංකාරය සඳහා හිමිකරුවා භාවිත කරන ගෘහභාණ්ඩ පමණක් නොව පොළව සඳහා යොදා ගන්නා සිමෙන්ති, ටයිල්, ටයිටේනියම්, ලී වර්ග ද සිවිලීමේ නිමාව, විදුලි බල්බ, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, බිත්ති වර්ණක, විවිධ මාදිලියේ නාන කාමර උපාංග යනාදිය හේතුවනු ඇත. වර්තමානය වන විට ගෘහ සැලසුම්කරණයේ ආලින්දයට අමතරව නාන කාමරය, මුළුතැන්ගෙය අලංකාර කරගැනීම සඳහා පාරිභෝගිකයෝ දැඩි රුචිකත්වයක් දැක්වීමත් සමඟ ඒ වටා වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. 
මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී නුගේගොඩ නාවින්න වෙළෙඳ නගරයේ සිලෝනි බාර්ත්වෙයාර් (Ceylon Barth Ware ) වෙළෙඳ ආයතනයේ හිමිකරුවන ආර්. මොහොමඩ් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

මේ  දවස්වල බිස්නස් කොහොමද?
ගිය  වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ සීසන් එකේ සියයට 50ක පමණ බිස්නස් එකක් තමයි තිබුණේ. එහෙත් මැයි මාසයේ මුල් දින කිහිපයේ සීසන් එකට වඩා හොඳ බිස්නස් එකක් තිබුණා.

 

බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
නාන කාමර උපාංග සහ මුළුතැන්ගෙයට අවශ්‍ය කරන උපාංග වෙ​ෙළඳාම තමයි  කරන්නේ. වසර හතරක කාල සීමාවක සිට අපි මේ බිස්නස් එක පවත්වා ගෙන යන්නේ. 
මේ කාලසීමාවේ බිස්නස් අඩුවීමට හේතුවක් තමයි  ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ අලු‍තින් ව්‍යාපෘති හෝ නව ඉදිකිරීම් ආරම්භ නොකිරීම. ගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ භාණ්ඩවල මිල ගණන්වල අඩුවීමක් වෙලා තියෙනවා. සමහර නාන කාමර කට්ටලවල මිල ගණන් මේ වෙද්දී සියයට 25කින් පමණ පහත වැටිලා තියෙන්නේ. එහෙත් පාරිභෝගිකයෝ නව ඉදිකිරීමකට නොගොස් පවතින දෙය අලු‍ත්වැඩියා කරගන්න තමයි උත්සහ කරන්නේ. ඒ කියන්නේ පාරිභෝගික රුචිකත්වය මත නාන කාමරයක් අලු‍තෙන් ඉදිකිරීමට නොගොස් පවතින නාන කාමරයට අවශ්‍ය උපාංග සුළු ප්‍රමාණයක් අලු‍තින් එක් කරගනිමින් එය නිමා කරගැනීමට උත්සහ කරනවා. 
ඒ වගේම මේ වෙද්දී පාරිභෝගික අවශ්‍යතාව මත භාණ්ඩ මිලදී ගැනීමට එක වෙළෙඳ ආයතනයක් කේන්ද්‍රකරගෙන මිලදී ගැනීම් සිදු කරන්න අවශ්‍ය නැහැ. මේ වෙද්දි වෙළෙඳපොළ පුළුල්වෙලා තියෙන්නේ. එනිසා එක් වෙළෙඳසැලක් වෙත ඇදී එන පාරිභෝගික සංඛ්‍යාව අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ පැමිණිමේ අඩුවත් එක්ක ව්‍යාපාරිකයන් වන අපි උත්සහ කරන්නේ භාණ්ඩයේ මිල ගණන් යම් මට්ටමකින් හරි අඩුකරලා බිස්නස් එක පවත්වාගෙන යාමට. ඉදිරියේ දී ඉදිකිරීමේ ක්ෂේත්‍රෙය් සිදුවන ඉදිකිරීම් එක්ක තමයි අපේ බිස්නස්වල පැවැත්ම රඳා පවතින්නේ. 

මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මැයි මුල් දින කිහිපයේ බිස්නස් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site