කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මාඳු ගඟේ පළමු පරිසර හිතකාමී සංචාරක මෝටර් බෝට්ටු සේවය පසුගියදා (26) බලපිටිය හීනටිය මාඳු රිවර් රීච් හෝටල් තොටුපොළෙන් ගමන් ආරම්භ කෙරිණ.
මෙතෙක් කලක් මාඳු ගඟේ සංචාරකයන් ප්‍රවාහනය කරනු ලැබූවේ ඉන්ධනයක් ලෙස භූමිතෙල් සහ පෙට්‍රල් යොදාගත් මෝටර් බෝට්ටුවලිනි.
එම ඉන්ධන යොදා මෝටර් බෝට්ටුවලින් මාදු ගගේ සංචාරකයන් රැගෙන යාමේදී ගඟේ ජලය විශාල ලෙස දූෂණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මාදු ගඟේ මසුන් පාරිභෝජනයට ගත් පාරිභෝගිකයන්ට භූමිතෙල් රස එන්නට පටන් ගත්තේය. මේ හේතුව නිසා මාදු ගගේ ධීවරයන්ට රැකියාවන් අහිමිවිය.
මෙය හොඳින් තේරුම්ගත් බලපිටිය හීනටිය මාදු රිවර් රීච් හෝටල් අධිපති පාලිත පියංකර මහතා සූර්ය බලයෙන් ධාවනය කළ හැකි මෝටර් බෝට්ටු සේවයක් සිය හෝටල් තොටුපොළෙන් ආරම්භ කළේය.
මේ මෝටර් බෝට්ටුව ගඟේ ධාවනය කිරීමෙන් විශාල තරංග ආයාමයක් සහිත රැළි නොනැගීම නිසා මාදු ගඟේ ගං ඉවුරුවල ඇති ඉස්සන් බිත්තර විනාශ නොවන බව පරිසරවේදීහු කියති.
මාදු ගඟ රැකීම සදහා මෙවන් පරිසර හිතකාමී මෝටර් බෝට්ටු සේවයක් මාදු ගඟේ සංචාරක ව්‍යාපාරයට එක් කිරීම පිළිබඳව සිය කෘතඥතාව මාදු රිවර් රීච් හොටලයේ අධිපති පාලිත පියංකර මහතාට පුද කරන බවද ඔවුහු කියති.
පරිසර හිතකාමී මෝටර් බෝට්ටු සේවය මංගල ගමන ආරම්භ කළ අයුරු මෙහි දැක්වේ.

2025 නොවැම්බර් මස 04
72
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාඳු ගඟේ පරිසර හිතකාමී සංචාරක මෝටර් බෝට්ටු සේවයක්