මෙරට ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයක් වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල මැලේසියාවේදී පැවැත්වුණු ලෝක පාසල් සමුළුවේ 23 වැනි අදියරේදී සමස්ත අධ්‍යාපන පහසුකම් සපයන විශිෂ්ටම පාසල ලෙසත් People's Excellency සම්මාන උළෙලේදී විශිෂ්ටම පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සැපැයුම්කරු ලෙසත් සම්මානය ලැබීය.
‘Good Start Grow Smart’ තේමාව කර ගත් මිනැස්රෝ ජාත්‍යන්තර පාසල සිසුන්ගේ අනාගතයට ශක්තිමත් අත්තිවාරමක් සහතික කරයි. එම පාසලේ පෙර පාසල් අංශය වාර්ෂික විවිධ ප්‍රසංගයක් නළ මුදු සුවඳ නමින් සංවිධානය කරන අතර එහිදී දස්කම් විදහා පෑමට සිසුන්ට අවස්ථාව ලැබේ. 2023 සහ 2024 නිවාසාන්තර ක්‍රිඩා උළෙල දෙකක් සුගතදාස ක්‍රීඩාංගනයේදීත් 2024 මිනැස්රෝ සිසු අභිමන් ත්‍යාග ප්‍රදානෝත්සවය BMICH හිදීත් උත්සවාකාරයෙන් පවත්වන ලදී. සිසුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමල සමාජ කුසලතා, කණ්ඩායම් හැඟීම, නිර්මාණශීලිත්වය, ආත්ම අභිමානය, සන්නිවේදන සහ භාෂා හැකියා වර්ධනය කිරීම පිළිබඳව එම පාසල ප්‍රමුඛ අවධානය යොමු කරයි.
මේජර් ආචාර්ය අනුර කන්නන්ගරගේ (අධ්‍යක්ෂ) සහ පුෂ්පා හෙට්ටිආරච්චිගේ (විදුහල්පතිනිය) නායකත්වයෙන් ක්‍රියාත්මක වන මිනැස්රෝ ජාත්‍යන්තර පාසල වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අධ්‍යාපන ක්‍රීඩා, කලා සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට අදාළ දස්කම් දක්වන සිසුන්ව අගයයි. පාසලේ සේවය කරන පළපුරුදු ගුරු මණ්ඩලය සෑම සිසුවකු පිළිබඳවම වෙන් වෙන්ව අවධානය යොමු කරයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනැස්රෝ ජාත්‍යන්තර පාසලට People’s Excellency සම්මාන