IMG-LOGO

‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන CBL එක්වෙයි

ඩයලොග්, MAS, හේමාස්, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා PwC ශ්‍රී ලංකා එක්ව රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත් පවුල් සහ ප්‍රජාව වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ CBL සමූහය එක්වීම පසුගියදා සිදුවිය.

එහි බෙදාහැරීමේ සහකරු සර්වෝදය හා විගණන සහකරු PwC ශ්‍රී ලංකා ඇතුළු සම අදහස් ඇති හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් ඩයලොග්, MAS, හේමාස් සහ CBL අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාව අතුරින් පවුල් 100,000කට වැඩි පිරිසකට හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට සියලුම දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන බෙදාහැරෙමින් පවතින අතර, ඵලදායී ආර්ථික ප්‍රකෘතිමත් සැලැස්මකින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත කරන තෙක් ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක කෙරේ.

CBL සමූහයේ, සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහ මහත්මිය අදහස් දක්වමින්,

“සෙනෙහස, ගුණාත්මකභාවය, නවෝත්පාදනය හා විශ්වසනීය බව යන මූලික හර අගයන් මත CBL ගොඩනගා ඇති අතර සෙනෙහස යන හර අගය සඳහා CBL හි විශේෂ ස්ථානයක් හිමිවන බව පැවසුවාය. මෙම ක්‍රියාන්විතයට හවුල්වීමට ලැබීම පිළිබඳ අප සතුටු වන අතර මෙම කාලෝචිත ප්‍රයත්තනයේ කොටස්කරුවකු වීමට අපට ආරාධනා කිරීම පිළිබඳ ඩයලොග් ආයතනයට ස්තූතිවන්ත වන බවත් වගකිවයුතු ආයතන ලෙස ප්‍රජාවන්ට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි මාවත් තුළ ක්‍රියාකාරීව නියැලීමේ යුතුකමක් අප සතුවන අතර, මෙම අවස්ථාවේදී අවශ්‍යතා ඇති බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අපට උපකාර කළ හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා’’ යනුවෙන් ඒ මහත්මිය සඳහන් කළාය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන CBL එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site