
නිමල කොඩිතුවක්කු
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 3 ක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොතුහැර සිට රඹුක්කන දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ පළමු අදියර පැකේජ 19කට බෙදා ඇත. එම මාර්ගයේ පළමු අදියර (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 13+800 දක්වා කොටස) මෙහෙයුම් කටයුතු කළ හැකි මට්ටම තෙක් ගෙන ඒම පිණිස සමාහාර පාවරිය ආශ්‍රිත කටයුතු (Aggregate Base Course), ඇස්බෝල්ට් (Asphalt Concrete) යෙදීම, මාර්ගය සලකුණු කිරීම, සංඥා පුවරු ස්ථාපනය කිරීම, අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සහ ගාස්තු අය කිරීමේ පද්ධති ස්ථාපනය කිරීම වැනි ඉතිරි වැඩ නිම කිරීම අවශ්‍ය වේ.
ඒ අනුව, එකී කාර්යයන් සඳහා ඉදිකිරීම් පැකේජ 3 ක් යටතේ ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, එකී සියලු පැකේජ සඳහා අවම ලංසුකරු වූ මාගා ඉංජිනියරින් ප්‍රයිවට් ලිමිටඞ් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1657
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1404
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුවක් මාගා සමාගමට