හර්ෂණ තුෂාර සිල්වා
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසු වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ගත්කළ කලාපීය වශයෙන් වැදගත් මූල්‍ය මධ්‍යස්ථානයක් නොවුණ ද එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවන බව එම වාර්තාවේ සඳහන් වේ.
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ලද වාර්තාවේ එම කරුණු සඳහන්ව ඇත.
එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
“පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදුව නොමැත. දේශපාලනඥයකු ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් ගත් උත්සහායක් ව්‍යාර්ථ කළ බව පොලිසිය සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගී සිටීමක් සිදුවීම පිළිබඳව අවදානය යොමු කරමින් පශ්චාත් යුද ප්‍රදේශවල වැඩි වශයෙන් ආරක්ෂක අංශ රඳවා තබාගැනීමට රජය පියවර ගෙන ඇත.
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් අයි.එස්.අයි.එස් ඇතුළු ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සමහර ජනවාර්ගික කොටස් ඕස්ට්‍රේලියාවේ ත්‍රස්තවැඩට සම්බන්ධ වී පුහුණුව ලබමින් සිට එරට රජයට අසුවූ බවට වාර්තා තිබෙනවා. කෙසේ වෙතත් 2020 මෙම රජය පෙරලී කැඩී බිඳී යන්න පෙර නැවත ත්‍රස්තවාදය හිස ඔසවනු ඇත. එවිට ජනතාව පළමුව කළ යුත්තේ ඊට පාර කැපු සිංහල දේශපාලකයන්ගේ හිසගසා දැමීමයි.
ලංකාවට එවන විදේශීය මුදලට බදු අය කරනවා නම් විශුද්ධිකරණය සිදුවෙනවා. මගේ දරුවන් ලංකාවට ඩොලර් එවන්නේ නැත.. ලැබෙන්න සලස්වන්නේ රුපියලයි.
මමත් ලංකාවට මීට පෙර ඩොලර් යැව්වේ ලංකාවටත් උදව්වක් වශයෙන් හිතාගෙනයි. නමුත් මේ අලුත් බදු ක්‍රමය නිසා මට සෑහෙන මුදලක් පාඩුවෙනවා. ආණ්ඩුව හරි නම් අපි ගැන හිතන්න ඕනේ විදේශ විනිමය එවන නිසා ඒ අය වෙනුවෙන් සහනයක් දෙන්න. නමුත් මේ ආණ්ඩුව හුගක් දුර හිතන්නේ නැහැ. ඒ නිසා මමත් දැන් ලංකාව ඩොලර් එවන්නේ නැහැ රුපියල් මිසක්... ලඟදීම 1 ඩොලර් එකකට රුපියල් 200ක් ගෙවන්න සිදුවෙයි. අන්න එදාට ආණ්ඩුව ආපසු හැරී බලනකොට පරක්කු වැඩියි. සමහර විට පඩි ගෙවාගන්න බැරි තත්වයට ආණ්ඩුව වැටෙයි. මිනිස්සුම ගිහින් ආණ්ඩුව වටලයි මෙහෙම ගියොත්...