නිමල කොඩිතුවක්කු
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2026-02-09 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
එම සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පවරා තිබූ නඩු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණ සහ හඳුනා ගන්නා ලද අත්‍යවශ්‍ය සංශෝධන කිහිපයක් ඇතුළත් කරමින් එකී පනත් සම්බන්ධයෙන් වන කාරක සභා අවස්ථාවේදී හඳුන්වා දීමට යෝජිත සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇත. එකී නව සංශෝධන සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd