නිමල කොඩිතුවක්කු
මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය අනුව ස්ථාපිත කර ඇති පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් පිළිබඳව සහ පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදාන එක් එක් පළාත් සභා වෙත වෙන්කර දීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම පිළිබඳව නිර්දේශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත.
ඒ අනුව, 2026 ජාතික අයවැයෙන් පළාත් සහා සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන ප්‍රදාන පළාත් සභා අතර වෙන්කර දිය යුතු ආකාරය පිළිබඳව සහ පුනරාවර්තන වියදම් ගැලපීම පිළිබඳව මුදල් කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd