මිල දී ගැනීමට දක්වන ප්‍රවණතාව ඉදිරියේ වෙළෙදපොළ දර්ශක ඉහළ ගිය අතර මෑත කාලය තුළ ඉහළම දෛනික පිරිවැටුමක් වාර්තා කිරීම ඊයේ (මැයි 26) ගනුදෙනුවල දී සිදුවිය. ඉකුත් සතියේ ඉහළ යන ලද දර්ශක තවත් වටයකින් වර්ධනය වූ ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,657.63 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 161.39ක වර්ධනයකි.
එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,909.07 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 70.1ක ක වර්ධනයක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 25,617 ක් වාර්තා වූ අතර සමාගම් 145ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 92 කි. දෛනික පිරිවැටුම රුපියල් මිලියන 18,709.54 ක් විය. එය මෑත ඉතිහාසයේ දෛනික ගනුදෙනුවල දී වාර්තා වූ ඉහළම අගය වශයෙන් සඳහන් කළ හැකිය. කොටස් මිලියන 249.8 ක් හුවමාරු වූ බව දැක්වේ. ඒෂියා සිකායා කොමොඩිටීස් කොටසකට ශත විසි තුනක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. කෙමනෙක්ස් කොටසකට රුපියල් 2.50 ක්, ජෝන් කීල්ස් හේල්ඩිං කොටසකට ශත පහක්, ලංකා අශෝක් ලේලන්ඩ් කොටසකට රුපියල් විස්සක්, හරිශ්චන්ද්‍ර කොටසකට රුපියල් හතළිහක් වශයෙන් ප්‍රතිලාභ ප්‍රකාශ කරයි.
හැටන් නැෂනල් රුපියල් මිලියන 427 ක්, බ්‍රවුන් ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 395 ක්, ඩයලොග් රුපියල් මිලියන 160 ක්, සම්පත් බැංකුව රුපියල් මිලියන 135 ක්, එල්.ඕ.එල්.සී. හෝල්ඩිං රුපියල් මිලියන 118 ක්, එයිට්කන් ස්පෙන්ස් රුපියල් මිලියන 115 ක්, වටවල රුපියල් මිලියන 113 ක්, පෑන් ඒෂියා රුපියල් මිලියන 86 ක්, බ්‍රවුන්ස් රුපියල් මිලියන 85 ක්, ඒ.සී.එල්. රුපියල් මිලියන 83 ක් වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
මැදි හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට සුදුසු බව ආයෝජන උපදේශකයෝ දක්වති. පසුගිය දින ගණනාව තුළ විදේශ මිල දී ගැනීම බහුල වූ අතර එය වෙළඳ පොල සක්‍රීය භාවයට ද හේතු වී තිබේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෑත කාලයේ ඉහළම දෛනික පිරිවැටුම වාර්තා කරයි