IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෙඩි හෙල්ප් රෝහල් අලුත් වැඩකට අත ගසයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් Central medical hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි.

අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ MediHelp රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. MediHelp රෝහල් සමූහය Central Medical Centre ප‍්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. 

වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.

” Central Medical Centre මෙන්ම විශේෂයෙන් දශක හතරකට අධික කාලයක් සුව සේවා ක්ෂේත‍්‍රය තුළ කීර්තිමත් ගෞරවනීය චරිතයක් වූ වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක රෝගීන් විශ්වාසය තබා ඇති සෞඛ්‍ය සේවා විශේෂඥයකු මෙන්ම වෛද්‍යවරයකු සහ වසර 37කට අධික කාලයක් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ලබාදීමේ පළපුරුද්ද ඇති රටේ වේගයෙන්ම වර්ධනය වන මූලික සෞඛ්‍ය සේවා ජාලය අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා නුගේගොඩ සහ ඒ අවට නගරවල ජනතාවට විශ්වාසනීය, පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වෙනවා.” යනුවෙන් Medihelp රෝහල් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසුවේය.



අදහස් (1)

මෙඩි හෙල්ප් රෝහල් අලුත් වැඩකට අත ගසයි

Kumar (Gulf) Thursday, 03 November 2022 12:29 AM

සියලුම ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල් මුදල් උරා බොන මාෆියාවක්, ඔවුන්ගේ සේවාවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් බොහෝ දුරස් ය. එසේම රෝහල් අපිරිසිදුය, වෘත්තීයමය නොවන, විශේෂඥ වෛද්‍යවරු නැත, සියල්ල යැපෙන්නේ රජයේ රෝහල් වෛද්‍ය මාෆියාව මතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site